උදැහැනින් නුවර ඉස්ටේසමෙන් එන
පොඩිමැණිකේ කෝච්චිය
හන්තාන කදුගැට්ටෙන් මෙහා ඉවුරේ
පේරාදෙණි සරසවිය පේන ඉසව්වේ
නැවතිලා
නුඹව ඇරගෙන බදුලු යන්නට සැරසිලා
පෙම් විරහ ගී ඔහේ නැවතීලා
අරන් මලු දෙකතුනක් බඩු බහලා
අපේ මතකය සරසවියෙ හංගලා
යන්න යනවද මටත් නොකියම
හීන තනි කරලා
උඹට මතකද ගුරු පාර
ගස් යටින් හවසට අපි ඇවිද්ද
කකුල් රිදුනත් තවත් මදි
පෙම් වින්ද හසරැල් අඩු නැතුව
හෙමින් කෙදිරූ ආල කවි
හිත දවනවා අද මුලු හිතම
රිදෙනවා ඇස් ඉස් මස් ඇතුලු
ආත්මය
මං මෙහා කෙලවරේ හිද ඔයා යනකල්
හොරෙන් ඉකිබින්දා අද
සරසවි උයන ඉස්ටේසම ළග
Friday, March 4, 2016
Subscribe to:
Comments (Atom)
මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...
-
සරත් රෑ ඉම නොඑක් ආරෙන් දරන් ඉද්දී කදු හිස අදත් නෑ තව ගින්න නිවුනේ වියළි තුරු පත් කොළ අග වැළඳි ලෙඩ දුක නුහුරු ගස් බෙන වලට වැදි පැටවුන් ඇ...
-
ai?? wenada nathi paaluwak danune dukkak hitha yata hitha thalanne matath mage hitha hadagannata ba nubath nihadai mata kiyanneth na ka...
-
මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...