Wednesday, June 15, 2016

හරි ආදරෙන් නුබට හිතලූ යමක් ලියමි.



                                           ආදරය කරපින්නාගෙන හීන් හිත අතර සක්මන් කරමි. මදී වූ හිත ඇතුලේ නිදන්ගත මහමෙරක් තරම් ආදරේ හිත අස්සේ හිරකරන් මග හමුවන වුන්ගෙන් බොහොමයක් පරිස්සම් කරගෙන ඈට ආත්මයක ආල කතාවක් ලියන්නට නිම ඉම පෙන්නන්නට බලා හිදිමි. පුරා  වූ කප්සියක් කල් මිනිස් චිත්ත සන්තානයේ නිදන්ගත වූ හැගීම් ගොන්නක් ඈ ඉදිරියේ පුද , පුජා  කර නමස්කාර කරන්නට තව වැඩි කලක් නොවන වග දැනගෙන හිදිමි. එතෙක් හිතෙහි වුන් සියලු බලාපොරොත්තු ඉවසාන පාරමිතා සකස්කරගෙන උත්තම සුවය විදින්නට මග බලමි. සියලු සංස්කාරයන් අනියත බව දැනදැනත් එහි කෙළවරක් රැදෙනතෙක්  පෙනෙන මානයක සේයාව බලා හිනැහෙමි. කිසිදු ප්‍රේම නිද්‍රාවක නො ඇලී සිටිමි. එහිලා ආලය නිර්වචනය කිරීමෙදී කිසිත් ස්ව අනුභූතියක් යොදා නො ගනිමි. නමුත් ආදරයේ නිර්වචනයක් සොයාගතයුතුව ඇත. ඒ වනාහි ජිවිතකාලයට ම වලංගු වූ සදාකාලික නිර්වචනයක් විය යුතු ය. නිතැතින් ම හෘද ගෝචර වූ ආලයේ  සිමා මායිම් අතික්‍රමණය කරන්නට අමාරුවක්,ආශාවක්,ඇම්මක්,කැසිල්ලක් හිතේ ඇත.ආලය යනු හුදු දේව වාක්‍යයක් නොවන බව නිත්යාර්තයෙන් ම පවසමි. අනුන්ගේ ආල විධික්‍රමයන්ට අනුව හසිරීම හුදු විහිළුවක් ලෙස සලකමි.නමුත් බොහොමයක් ආලකතා කේන්ද්‍රගත වන්නේ අන් ප්‍රේම කතාවකට වහල් ව ය. එදිනෙදා  දකින පුද්ගල චරිතයන්ගේ මනෝභාව අධ්‍යනය කිරිමෙදී සියුම්ව උක්ත කරුණ ඉස්මතු වී ඇති බව පෙනේ. අතකින් ඒ ඔවුන්ගේ වරදක් නොවන වග ද ඒ වූ කලී සමාජ සිතුවිලි ධාරාවක ප්‍රතිපලයක් බව ද කිව යුතු ය. සමාජ සිතුවිලි අනුව පුද්ගල හැසිරීම් වෙනස් වන බව තේරුම් නො රහසකි . මන්ද සමාජ ජීවියෙක් ලෙස මිනිසා ගන්නා බොහෝ තීරණ වලට සමාජ සිතුවිලි බලපායි. නමුත් මම උක්ත අවර විධික්‍රමය අනුගමනය නො කරමි. නමුත් බහුතරය එසේ නො වේ.මට ස්වධීන ආල කතාවක එක ම හිමිකරුවා වීමට ආශාවක් තිබේ. ඒ උත්තම සිතුවිල්ල සාක්ෂාත් කරගැනීමට පාරමී පුරමි.  
                                                  හිරිපොද වැටෙන උදෑසන මිහිදුම් සළු ඉරාගෙන හිරු අහස අණසකට නතු කරගන්නා වූ තෙද බලය අන් කවරෙකුටවත් අභියෝගයකින්,සටනකින් අත්පත් කරගැනීමට නො හැක්කා සේ අහස වූ ඇගේ හිත පුරාවට අනසක පතුරුවන හිරු වීමට මග බලා හිදිමි.හිත පුරා නො වෙනස්ව පවතින හැගීම් මාත්‍රයකින් මුළු හිතම කුල්මත් කරනට තව නොබෝකල් නොසිටිය යුතු බව හිත ඉගි කරයි.
                                             මේ නිද්‍රාව මා සදාතනික සුවපත් භාවයකට පත් කරවී ය යන කුතුහලය මුසු බලාපොරොත්තුව නිතැතින් ම සගවාගෙන හීන  ගණිමි. සැබවින් ම මේ හීනයේ එක ම හිමිකරුවා ද පරාජිතයා ද නො දනිමි. නමුත් පරාජය හුරු නිසා එයට දණ්ඩ නමස්කාර කර පරාජය භාරගැනීමට තරම් හිස් හිතැත්තෙක් නොවෙමි .එයින් ගම්‍ය වන්නේ මට පරාජය භරගැනීමට තරම් ශක්තියක් නැත යන්න නොවේ .  පරාජය ඉදිරියේ ජය ලැබිය යුත්තේ මම යැයි නො කියමි. නමුත් මම පරාජය ප්‍රශ්න කරමි. ඊට සාධාරණ අයිතියක් මට ඇත. ඒ නිසා සියල්ලක අවසානය සුක අන්තයක් වේ යැයි හිත යටින් බලාපොරොත්තු වෙමි.
                                     ආඩම්බරකාරී  ආදරෙන් බලන් දුර ඈතකට ව . ආදරය හිරකරන්

Sunday, June 12, 2016

රිදුණු හිත කීරී ගසාපන්
මගෙ වැරදි මං හිර ගෙයක රහසින්
වැදූ ගෙයි මම මටත් හොර රහසෙන්
මැරූ හිත මං සගවමී ලොවට හොරැහින්

පෙර මං හන්දියෙන් එගොඩහ
රෑ පහන් අඩ අදුරේ දැවී නිවී යාවී
දහ දෙනෙක් දාහේ කොලේකින්
වසා ලෙබී පිපාසෙන්
මදී තව ඉල්ලලා ලෝබෙන්
ඉකිබිදුම් මුලු ලොවක් නොදනීවී
මේ පහන් රෑ දනී මගෙ දුක
පොඩි එවුන් හඩතී
සල්ලියෙන් නො ලැබුණත් සුවයක්
සතුට ඩිංගක් දී
මගේ වුන් එක බත් පිඩක් කද්දී
හෝරෙන් හිනැහෙන හිතට මං ගැන
තවත් වැටහෙයි
මමත් නෑ වැරදී

මම

පාරමී

තටු හොයාන ඉගිලෙන්න
මේ නිල් අහසම මට දෙන්න
උඩු හුළගට හිත ගන්න
සැඩ හිරු එපිටට යන්න
කල් යල් තුන් කල් බලන
පෙම් කවි හිත් පැලපදියම් වුණ
රන් රස ගුණයහපත් එහෙම
පින්කෙත පිරි ඉතිරෙන හිරිය
බිදි සිල් ඔතප් නැත හැංගුණ
අහස් කුස උඩුහුළගට
තටු ලැබුණද කැඩිණ
උඩු හුළඟ දෘඪ වීය
සෙනෙහස අහිමීව
හිටිනවා මම
සෙනෙහෙන් හිත් පුරවාන
හිටිනවා වෙනුවට

මං

මගට වී

ආදරේ

පාරන්න හදවත පසාරූ තුඩගින්
රාගීව ඇදහැළුණු ශ්වේතයි හිත් සුසුම්
රවටන්න ලීලෙන් කම්පිතයි දෙන රිදුම්
මම උන්නෙ නුඹටයි වෙන හිතක් නැති හුස්මකින්

 මං තරං ආදරේ වෙන කෙනෙක් නැති තරං

Thursday, June 9, 2016

wenasa

නෑර කියමි මට අවසර හිතෙන දෙය
පාර ගත්තු හිත තර්කය බිදින ලද
බාර හිමිට සෙනෙහස ගතු කියන ලද
ගෝල ගුරු වැනුම මෙහෙයින් ගයමි එය

ගුත්තිල දෙවනි කරනට එන මූසිලය
ඇවිදින් වයද්දී රස වීනාව තත
කීර හඬ ඇසී මව් පිය දෙනම ගුර
නෑර පැමිණ මීයන් වෙණ කටිනවද

සාර භාව පොෂිත සදරුත් රකින
උතුම් මුණි රහත් සගමොක් මග දරණ
ධාර උතුම් සරසවි උත්තම වැනුම
ගෝල ගුරුන් නොමගෙහි හිත් පිහිටිවන

Me

Tuesday, June 7, 2016

adare

මං පෙරූ ආදරේ පැතුම්
සෙනෙහසක් නෑ ළඟින් තියන්
ආල හිත යට රහස් කීවද
මටත් ඇහුණා හීනියට රහසින්

තුහින ඉහිරුණ මල් අරන් මග
බලන් එනකල් ආදරෙන්
හිත හොරෙන් හෙව්වා අදත් මතකයි
නුඹ මටත් හිමි නෑ මං තනී
හිත මගෙත් නෑ නුඹ ළග නැවතී

Krishan pelwatte

Love is

හිනැහෙන්න රහසේ සඟවලා දුක
ලොවට රහසේ
ආදරේ ඇබිතක් නිසාවද
ජීවිතේ මං මුලා කෙරුණේ
හීන රහසේ වින්ද පහසේ
තනියකුත් නැති හිතට රහසේ
ඇවිත් හෙමිහින් හිතම අරගෙන
ආලයක් දුන්නාද නුඹ
කාලයක් මට දුන්න හිත

Krishan pelwatte

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...