Monday, April 18, 2016

මූසලයා

රෑ වහින වැස්සට
ගෙයි උලුවස්ස ළගින්
කැඩුණු උළු කැටෙ වටෙන
වතුර බින්දු
අලුමේනියන් වළද සිපගන්න
ටක ටකස් ටක ටක සද්දෙන්
අකුණු ඉහ ළග පිපිරෙන රෑට
එළි වෙනකන්ම දෙඅත් දෙකකුල් අතර සගවන්
නිදන මූසල නින්ද
කෑළි කපන කලු අදුර
තරු කැට වහන්
අණසක කරන හැටි
හැදි සරම කඩා පෙරවූත්
හීතල නොයන තරමටම
රැය ගොරහැඩී මට විතරක්ද

-Krishan pelwatte-

Wednesday, April 6, 2016

සොවින් පිරී මගේ හද් රහට ලියූ අරුතෙහි

තනිය විරහව දුක පාලුව වැනී ඍණාර්ථය නාභි ගත කරන මිනිස් සංවේදනා හරි අපූර්වට ගීත සාහිත්‍යය සංස්පර්ශය කර ඇත. උපත රමණය හා මරණය නම් ජීවිත නවාතැන් තුළ මිනිස් චෛතසිකයන් පෙළන හා පෙළෙන සියුම් භාවයන් හරි අපූරුවට ප්‍රතිනිර්මාණය කිරීමට තරම් පැතිරුණු පරිකල්පනයක් සාහිත්‍යකරුවාට පවතී. රැල්ලට ලියනවාට වඩා දැනෙන ලියන පරම්පරාවක සුභ බව කෙතරම් අගනේද යන්නත්, ඔවුන් කෙතරම් පරතෙටට පරිකල්පනය පුහුණු කර ඇතිද යන වගත් තරමක අවබෝධයට පවා අසීරු කාරණයකි. තණ බිස්සකට වැටෙන පින්න හෙමි හෙමින් පසට උරාගන්නා සෙයින් මිනිස් භාවයන් විටෙක සියුම්වද තවත් විටෙක සංකීර්ණවද ප්‍රතිනොර්මාණය කරන්නට සාහිත්‍යකරුවෝ සමත් වෙති. ඒ වනාහී භාග්‍ය සම්පන්න සාහිත්‍යයක වත්කම යැයි හැදින්වීම ම සාධාරණය.
එකී දැකීමේ සාක්ෂ්‍ය සටහන වරෙක පියල් ප්‍රේමනාත්ගේ පන්හිදෙන් ලියැවෙන්නට ඇතැයි සිතමි. භාෂාව නම් හරි අපූරුයි. දුකට ලියවෙන කවි වල දුකත්, සතුටට ලියවෙන කවි වල සතුටත් දැනේ.. අතකින් එය හාස්කමක් ම නොවූ දස්කමකි අතකින් එය පුහුණු කළ පරිකල්පනයයි.
දුකින් මිරිකී තැලී පොඩිවී පෙළෙන හිතක වේදනාව හරි අපූරුවට දනවන්නට පියල් ප්‍රේමනාත් සමත් වී ඇත..

සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිටවන
හැගුම් කැටි ගැසී ගෙන දෙයි හිතට වේදනා
සුවෙන් මා එදා සැතපූ යහන් මත තවත් විසකටු තිබෙන්නාවූ ලෙසට දැනේ ගතට වේදනා

කෙතරම් සියුම් ප්‍රතිනිර්මාණයක්ද යන වග මහාපූරුවට විදග වේ. සොවින් සුවෙන් හැගුම් යනාදියෙන් පැසකින් ඇනින වේදනාව සුවපත් කිරීමට සමත් වී ඇත.

සිතත් වේදනාවෙන් පිරි ගතාත් සෝ දුකින් බර වී දෙනෙත් අද නොවී තිබුණත් ඉනුත් නෑ සුවේ
කනත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නෑ කිසි
එහෙත් ඉන් හොදක් මිහිරක් මෙතෙක් නෑ ඇතී

මේ තරම් ලස්සනට දුක කවි කෙරූ අපූරුව විඩාපත් වේදනා හිත සුවපත් කෙරූ අරුමය අතිශයින් පැසසිය යුතුය ස්පර්ශ ගෝචර විලාසය මෙන්ම කවියෙහිලා දක්වන හුරු බව..... අත්‍යවශ්‍යයෙන්ම පැසසිය යුතු ම ය ..


             -Krishan pelwatte-

Friday, April 1, 2016

හීන

හීන හුළගට වෙනස්කම් කරනවා වෙගයි.මං බාෙහා ම  අමාරැෙවන්  හොයා ගත්තු සල්ලි වලින් බණ්ඩාරෙවලට ටිකට් ඒකක් අැරන් පාන්දර කෝච්චියේ ගෙදර යන්න බලන් ඉස්ටේසමේ කෙලවරෙන් බඩු මල්ලක් තියන් ඉඳෙගෙන හිටියා.. හීන කප්පරක් කඩා වැටිලා හිතක් අසරණ වුණා ම දැනෙන හැගීම හිත අස්සෙ තියන් මං නුවර ඉස්ටේසමේ....
පැරදුණු මිනිහෙක් ගෙ අතීතය තුවාලයක්. වර්තමානය වේදනාවක්.. අනාගතය හීනයක්...
         අාඩම්බරකාරී

සිපිරි ගෙයි හිඳ


බලා බහිරවකන්ද බුදුන්ගේ රැව
හිතේ බර මොහොතකින් අමතක වුණා මට
වරින් රත් වූ ලෝ දිය වැක්කෙරෙන හිත
සිහිල් මෙත් සුවයේන් සැනසුනා නො දැනිම
තනිව විද ගත්තා මම ම
කෙරෑ පවු සේදෙන්න නොව
ආයේ ආයේ පින් කරන වග
රහසේ ම හිතුවා මම
පුරා එන මුළු නුවර සිප
නුවර වැව් හීතලය
හෑම කුටියකට ම බෙදෙන අපූරැව
තනිව අත් වින්දා මම ම
ආයෙමත් හිතුවා මම ම
දුන් දුකට පලි ගන්ට නොව
මෙතින් ලොව මින් සනහන්ට
සිපිරි ගෙයි කුටියේ හිඳ
 
 ක්‍රිශාන්

Friday, March 4, 2016

සරසවි ආදරේ

උදැහැනින් නුවර ඉස්ටේසමෙන් එන
පොඩිමැණිකේ කෝච්චිය
හන්තාන කදුගැට්ටෙන් මෙහා ඉවුරේ
පේරාදෙණි සරසවිය පේන ඉසව්වේ
නැවතිලා
නුඹව ඇරගෙන බදුලු යන්නට සැරසිලා
පෙම් විරහ ගී ඔහේ නැවතීලා
අරන් මලු දෙකතුනක් බඩු බහලා
අපේ මතකය සරසවියෙ හංගලා
යන්න යනවද මටත් නොකියම
හීන තනි කරලා
උඹට මතකද ගුරු පාර
ගස් යටින් හවසට අපි ඇවිද්ද
කකුල් රිදුනත් තවත් මදි
පෙම් වින්ද හසරැල් අඩු නැතුව
හෙමින් කෙදිරූ ආල කවි
හිත දවනවා අද මුලු හිතම
රිදෙනවා ඇස් ඉස් මස් ඇතුලු
ආත්මය
මං මෙහා කෙලවරේ හිද ඔයා යනකල්
හොරෙන් ඉකිබින්දා අද
සරසවි උයන ඉස්ටේසම ළග

Tuesday, March 1, 2016

ආදරණීය කන්ද උඩරට

ඉස්සර ඇත්තටම හවස නුවර හරි ලස්සනයි
හන්තාන කදු ගැට අතරින් එන හීනි හුළගත්
දැනෙන නොදැනෙන ගානට වැටෙන මල් වැස්සත්
හරු අමුතුයි අමුත්ත හිතට නුහුරුයි
ඇවිදින් හෙමින් වැව් බැම්මෙ වැදෙන
හෙමි හෙමින් රළ ගහන නුවර වැව
මේ හැම දේම දනී
අපි වගෙම වැව පණ ගහයි නම්
හොදින් ඒ වග කියයි
වැව වටේ බංකුවේ හිදින පෙම්වතුන් ගැන
ඒ අහින් රෑ වෙලා ඇවිදින අම්බපාලී ගැන
හොරෙන් උන් පස්සේම යන පිරිමින් ගැන
තවත් හොරකම් කරන යන එන හොරු ගැන
තවත් විස්තර කියයි
අනේ ඒ විතරක් නෙවෙයි
මාළිගාවේ බෙර හඩින් රැව්දෙන බුදු බස
ඒ අසන්නට අවිත් යන දෙවිවරු ගැන
උඩ මළුවෙ මල් පහන් පුද දෙන අය ගැන
මටත් වැඩියෙන් කියයි
පණ ගැහෙන නුවර වැව
ඒත් අද ඉස්සර වගේ නම් නෙවෙයි

සදවතී දුකද ආලේ


හුස්ම ළග ඉඩ නැති හිතින් නුඹ
වහරමී ආලේ බසින් මම
කදුළ හැඩ නැති කැටයමින් පෙම
කොහොම පෙම් කවි ලියුවාද අසමී

හීන ගොරහැඩි සුසුම් වහරන
ආදරේ කටු වදන් ළග හිත
කොහොම දුක ඉහිලුවාදැයි මම
නුඹෙන් නො අසමී කිසිදිනෙක ඒ වග

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...