Sunday, July 2, 2017

හොරා

කන්න නැතිකම පාන් භාගේ හොරෙන් ගත්තා මිසක්කා
එහෙම ගත්තෙත් මට නෙවෙයි පොඩි උන්ගෙ සාගින්න වළක්කා
කන්න දුන්නම වේල් තුනකින් එකක් හරි නොවරද්දා
උන්ගේ මූනේ හිනා වෙනුවෙන් හොරෙන් අරගෙන ඇවිද්දා

හීන හරි උස හිනා එක්කම කොහෙදෝ ඇත තනිවෙලා
මැවූ ලෝකෙම අහංකාරයි අහෝ දෙවියන් මියැදිලා
මිදී මේ ලෝ සිපිරිගෙයි වද වින්ද කාලය නිමවෙලා
එහා ඉව්රත් කමක් නෑ දුක් වින්ද කාලේ නැවතිලා

පුයර ආලේපනා ආදී උලා නෙක විසිවිත්තර
බලා පුර සිරි සලා සිනහා නගා යන සුරගනතර
හෙලා අඩවන් නිදා බැල්මන් ඉතා අසරණ සහචර
කුමර බමුණන් සිටී අතරේ ඉරුණු රෙදිපිළියෙ අර

එහෙව් ලෝකෙක දවස්ගානක
කුසේගින්දර හින්දා
කඩෙන් අරගෙන අරං යන්නට
සත පහක් වත්
අතේනැති හින්දා
ඇවිත් වැදලා ඉල්ලුවත්
ලැබුණෙ නොසරුප් නින්දා
එහෙම හින්දා හොරෙන් ගතම
පවුද දුප්පත් හින්දා😢

Krish

Last and fast

විහග පිය සටහන් සෙවූ කිදුළද
කිමද මේ ඉම සරා සියොළග
බමන රග බල හිනා වූවද
ගෙනා ආලය බොහෝමයි මට❤️❤️
සිනා මල් කැන් නෙලාගෙන
කමා වුව මැන පමාවට
මහා සෙනෙහස තියාගෙන ළය
වසන්තය පුරාවට හිදිමී මම

Krish

අබ්බගාත අත්තටු

අත්තටු ගසා මේ ලෝකෙ ඉගිලෙන අයට
කුරුල්ලෙක් දුන් බොළද උත්තරය
අත්තටු දෙකම ඇති අය ඇවිදිනකොට
බලහන් අර තනි තටුවෙන් පියාඹන ලස්සන

අපෙ වද ගත නිසා නැවතුණ ළය මොළය
ඌ අබ්බගාතය ඒත් කැරකුණා මෝටරය
අපෙ සහජය ඌ හරි ම මෝඩ ය
අද අපි මෙහෙය ඌ උඩ ය

හෙනිකර තලූව වැහැරීම
අපි අපේ ගැන හිතන හැටිය
නොහිතන තරම්ම උනුන් ගැන
එක තට්ටක් ඇති පියාඹන්න
විස්වාස කරපන් මාව

Krish

Wednesday, November 2, 2016

ඒ

හිත් කොනක නිදන්ගත කරලූයෙමී
හිත් අගින් දැනෙන වේදනාව
කදුලට බර නොවූයේ මන්ද මම
නො දනිමී
තව නොබෝ වෙලාවකින් ඒකාත්මික
මිනිස් භාවයන් හඩන වග මම දනිමී
මේ වනාහි පුද්ගල සවභාවයෝ වෙති
සුවහසක් කදුලු අතරින් 
නිහඩවත සුභ දැයි අසමී
මන්දස්මිතිය නිහඩ ඇයි මං නො අසමී
අතකින් මේ දුකද ප්‍රහසනයකී
දුදනන් හැර යාමම සැපයක් වන හෙයිනී
අපි පරාජිතයෝ වෙමු
නුඹ දිනූ දෙයි දෙස බලන..
නිවන් සුව...

Wednesday, June 15, 2016

හරි ආදරෙන් නුබට හිතලූ යමක් ලියමි.



                                           ආදරය කරපින්නාගෙන හීන් හිත අතර සක්මන් කරමි. මදී වූ හිත ඇතුලේ නිදන්ගත මහමෙරක් තරම් ආදරේ හිත අස්සේ හිරකරන් මග හමුවන වුන්ගෙන් බොහොමයක් පරිස්සම් කරගෙන ඈට ආත්මයක ආල කතාවක් ලියන්නට නිම ඉම පෙන්නන්නට බලා හිදිමි. පුරා  වූ කප්සියක් කල් මිනිස් චිත්ත සන්තානයේ නිදන්ගත වූ හැගීම් ගොන්නක් ඈ ඉදිරියේ පුද , පුජා  කර නමස්කාර කරන්නට තව වැඩි කලක් නොවන වග දැනගෙන හිදිමි. එතෙක් හිතෙහි වුන් සියලු බලාපොරොත්තු ඉවසාන පාරමිතා සකස්කරගෙන උත්තම සුවය විදින්නට මග බලමි. සියලු සංස්කාරයන් අනියත බව දැනදැනත් එහි කෙළවරක් රැදෙනතෙක්  පෙනෙන මානයක සේයාව බලා හිනැහෙමි. කිසිදු ප්‍රේම නිද්‍රාවක නො ඇලී සිටිමි. එහිලා ආලය නිර්වචනය කිරීමෙදී කිසිත් ස්ව අනුභූතියක් යොදා නො ගනිමි. නමුත් ආදරයේ නිර්වචනයක් සොයාගතයුතුව ඇත. ඒ වනාහි ජිවිතකාලයට ම වලංගු වූ සදාකාලික නිර්වචනයක් විය යුතු ය. නිතැතින් ම හෘද ගෝචර වූ ආලයේ  සිමා මායිම් අතික්‍රමණය කරන්නට අමාරුවක්,ආශාවක්,ඇම්මක්,කැසිල්ලක් හිතේ ඇත.ආලය යනු හුදු දේව වාක්‍යයක් නොවන බව නිත්යාර්තයෙන් ම පවසමි. අනුන්ගේ ආල විධික්‍රමයන්ට අනුව හසිරීම හුදු විහිළුවක් ලෙස සලකමි.නමුත් බොහොමයක් ආලකතා කේන්ද්‍රගත වන්නේ අන් ප්‍රේම කතාවකට වහල් ව ය. එදිනෙදා  දකින පුද්ගල චරිතයන්ගේ මනෝභාව අධ්‍යනය කිරිමෙදී සියුම්ව උක්ත කරුණ ඉස්මතු වී ඇති බව පෙනේ. අතකින් ඒ ඔවුන්ගේ වරදක් නොවන වග ද ඒ වූ කලී සමාජ සිතුවිලි ධාරාවක ප්‍රතිපලයක් බව ද කිව යුතු ය. සමාජ සිතුවිලි අනුව පුද්ගල හැසිරීම් වෙනස් වන බව තේරුම් නො රහසකි . මන්ද සමාජ ජීවියෙක් ලෙස මිනිසා ගන්නා බොහෝ තීරණ වලට සමාජ සිතුවිලි බලපායි. නමුත් මම උක්ත අවර විධික්‍රමය අනුගමනය නො කරමි. නමුත් බහුතරය එසේ නො වේ.මට ස්වධීන ආල කතාවක එක ම හිමිකරුවා වීමට ආශාවක් තිබේ. ඒ උත්තම සිතුවිල්ල සාක්ෂාත් කරගැනීමට පාරමී පුරමි.  
                                                  හිරිපොද වැටෙන උදෑසන මිහිදුම් සළු ඉරාගෙන හිරු අහස අණසකට නතු කරගන්නා වූ තෙද බලය අන් කවරෙකුටවත් අභියෝගයකින්,සටනකින් අත්පත් කරගැනීමට නො හැක්කා සේ අහස වූ ඇගේ හිත පුරාවට අනසක පතුරුවන හිරු වීමට මග බලා හිදිමි.හිත පුරා නො වෙනස්ව පවතින හැගීම් මාත්‍රයකින් මුළු හිතම කුල්මත් කරනට තව නොබෝකල් නොසිටිය යුතු බව හිත ඉගි කරයි.
                                             මේ නිද්‍රාව මා සදාතනික සුවපත් භාවයකට පත් කරවී ය යන කුතුහලය මුසු බලාපොරොත්තුව නිතැතින් ම සගවාගෙන හීන  ගණිමි. සැබවින් ම මේ හීනයේ එක ම හිමිකරුවා ද පරාජිතයා ද නො දනිමි. නමුත් පරාජය හුරු නිසා එයට දණ්ඩ නමස්කාර කර පරාජය භාරගැනීමට තරම් හිස් හිතැත්තෙක් නොවෙමි .එයින් ගම්‍ය වන්නේ මට පරාජය භරගැනීමට තරම් ශක්තියක් නැත යන්න නොවේ .  පරාජය ඉදිරියේ ජය ලැබිය යුත්තේ මම යැයි නො කියමි. නමුත් මම පරාජය ප්‍රශ්න කරමි. ඊට සාධාරණ අයිතියක් මට ඇත. ඒ නිසා සියල්ලක අවසානය සුක අන්තයක් වේ යැයි හිත යටින් බලාපොරොත්තු වෙමි.
                                     ආඩම්බරකාරී  ආදරෙන් බලන් දුර ඈතකට ව . ආදරය හිරකරන්

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...