Wednesday, September 26, 2018

මහ රෑ
පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ
වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ
හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳු ගැට හිඳියි වැටියේ
වැදී ගල් පරයකින් පහතට වැටෙයි පණ නැති හරිය නදියේ
ඇතැම් තැන් වල වවුලු වාසේ හෙළා දකිමින් තමන් තරයේ
එකඟ නොවමින් ගේන මතයට නැගෙන කච කච සද්ද බෙනයේ
තවද පහළට නැමී උණ බට හොරෙන් ගග සිපඟන්න හරියේ
හෙමින් පාරුව වැනෙයි දෙපසට තොටිය ඇයි නිදි නැතුව හිටියේ
කපුටු කූඩුව ළඟට ඉගිළී ගිහින් හංගල ආව බිත්තර
කොවුලු අප්පෙක් වමාරනවලු කපුටු බිත්තර කැඩුව විස්තර
කවුද ඇඳලු ලෙනෙහි දඩයම් කරන සී.සී.ටී.වි චිත්තර
කවුරු කවුරුත් කතා කෙරුවේ නඩුව දවසෙදි දෙන්න උත්තර
රැයක තනිපංගලමෙ අහසක තියෙන තරු කැට එකට එක්කර
කවුද බල්ලා කවුද වලසා අසන විටෙකදි අතක් දික්කර
ගනන් කරගෙන දෙකෙන් බෙද බෙද ගුණිත වගු ගොඩ නගන චක්කර
ආං අර පේනවද ගෙම්බෙක් අහසෙ වෙන් කරනවා අක්කර
Krishan rathnayake

Thursday, December 14, 2017

නාඩන් උලලේනෝ


සරත් රෑ ඉම නොඑක් ආරෙන් දරන් ඉද්දී කදු හිස
අදත් නෑ තව ගින්න නිවුනේ වියළි තුරු පත් කොළ අග
වැළඳි ලෙඩ දුක නුහුරු ගස් බෙන වලට වැදි පැටවුන් ඇග
නහර ඇලිලා දෙඇස් ගිලිලා බලන් පණ ඉල්ලන වග
හුගක් කාලෙට සරත ආවම නොකිය ඉකිලන තුරු පත
අගක් හොයලා හතිය හින්දා ඔහේ හෙලැවෙනවා අද
මගක් ඇවිදින් නැවත හැරිලා යන්න නොහැකිව තනිවුණ
ඔහේ දුර මං බලා යනවා ඒක මෑ සසරෙහි හැඩ
මුදුන් මුල් ඇති දේව ගණයේ උසස් ගස්කුලයක හිද
රෑට අහසේ තනිය අස්සේ කොහොම හිටියද අඩ හඳ
මසැස් අස්සේ උසස් හිත්සේ පසක් වෙද්දී උකුසැස
එළිය දිස්වේ කොළග අස්සේ එහෙව් ඇස් නොනිදා ඇත
කැලේ සමහර දිනක් රෑ මැද තනිව උඩුබුරලනවද
උඹට දුක උහුලන්න උලමෝ බැරිද ඔයහැටි ඉකිබිද
අතරමං වුණ බලෙන් නැවතුණ ගණ කැලෑවක තනිවුණ
හුගක් ඇස් වල කදුළු තිබුණත් එතන මළසිරුරක් නැත
Krish

අමාවකට හඬන්නේ පසළොස්වකට ආදරේම හින්දා.

විඩාබරිත ඉවසිය නොහැකීය රැය
හඩාවැටෙන හදවත වේදනා විද
පාරා වේදනා තරවටු කරන ලද
හීන් බටනලාවක් වැයෙනවා දුර
කැලණිය ගං දෑල අතරින් හමා එන
සුන්දර මූදු හුළඟක පෙම් කතාවක
සංසල ස්වර රටාවක වේදනවක
රිද්මය කැටිව තිබුණා හඩවනා ඇහ
මේ පරිසරය අඩ අදුරේ මේ කුටිය
ඒ හඬ මද හුළඟෙ පාවෙන හැඩය විඳ
රහසේ ඉකිගසා මහරෑ පුරාවට
සුසුමක් තියාවී පණ ගැහෙනවා තව
Krish

Tuesday, August 15, 2017

හෙමි හෙමින් ළං වෙන්න පැතුමන් පිරේවී

සබස ළබැදීය ළෙන්ගතූ
හවස සැනහීම හිත්බැන්දූ
පවස හැම හෑම ඩිංගිත්ත්කුදූ
දවස ගානේ නොකිය එක්කරගත්තූ

රහට රහ කර කර කියන බැද බැද කතා
පැහැට බැදි හින්දා ද මග බලුවේ ඔයා
කවට කෙළි කම් බොළද වැඩි හින්දා තියා
ඇහැට ඇහැ වෙන් නොවී කල් ගෙව්වා නොයා

නිහඩ නිසසල නිසොල්මන් අහස පොළොවෙහී
ඉවක් නැතුවා ම හිත සරාවී ඔහේ හී
හෙමි හෙමින් ළං වෙන්න පැතුමන් පිරේවී
මෙයින් නික්මී ඉන්න හිත් හේතු නොදේවී
Krishan pelwatte

නෑර තෙද බල එළියක්

ජීවිතේ කියන්නේ ඒ වෙනසට...
කලුවර වසාගෙන අහසට ම විතරක්
හැම වීදියක් වීදියක් ගානෙම
දවාලටවත් නැති එළියක්
දවල් තිස්සේ ඉදන් වෙහෙසට
බෙලිමල් ටිකක් හකුරු එක්කන්
තිබහ මහන්සිය හැම එකක්
අමතකයි කස සද්දෙ ඇහෙනකොට
එක්ක පන්දං එළියක්
ගිගුම් දෙන පසගතුරු ගොස
හිතට හරි ඔසුවක්
බලන් පේවෙන එකත්
ඇත්තට නිවෙන්නට එක විදියක්
ඒත් ඉස්සර වගේ නෑ
දැන් වෙනස් වී ඇත තරුවක්
ඈත දුරකින් බලන් උන්නට
එන්න වෙන්නෑ හැඩුවත්
කොයිතරං නං පෙරුම් පිරුවත්
ඒක අසරණ වරුවක්
මෙහෙ වුණත් මට දැනෙනවා තව
නෑර තෙද බල එළියක්
නුවර අක්මුල් අතර විහිදී
දෑල ගමනක සිරියක්....

Krishan pelwatte

යායේ හීන


රතැගිලි දෙඅත් වල ඇත තේ දලු කහට
බැදැ රෙදි කඩෙන් වහලා කකුලේ සැරව
එන උදැහැනින් නැගලා හරියට හයට
කළුවර දෙඇස් වල ඇත සහසක් සිහින

වැහි කලුවර ඉරේ දැඩි රැස් වලට හුරූ
හවසට අදුර ගොම්මන ඇස් වලට හුරූ
අහපන් දුක අදෝනා දැක බහින හිරූ
ලැයිමට උඩින් පායන්නෑ සිකුරු තරූ

කන්දේ බොරළු වැලිකැට ඇනිලා පයට
තැලුමක් නිසා ඇදුමක් දුන්නා පයට
කන්දේ ලැයිං වල හැමදාමත් රැයට
ඉකිලන කෙදිරි ඇහෙතී වරුවක් පැයට

සොච්චං පඩිය පැය ගානක විඩාවට
ඇත්‍තං යන්ට මෙහෙ දුක හැර අපායට
ගෙත්තං නොකළ අවිහිංසක හිනාවට
හංගං ඉන්න කදුළැල් ඇත නොපෑවට
Krishan pelwatte

බැදෙන්න හැගෙන්න රැදෙන්න හිදින්න

බැදෙනවනං බැදෙන්න
තතපරයකුත් ඇති හැගෙන්න
රැදෙනවනං රැදෙන්න
ඒක විතරක්ම ඇති හිදින්න
Krishan pelwatte

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...