නිතැතින්ම කිවයුතු පුද්ගල හෘද ග්‍රහනයේ රැදෙන්නාවූ යමක් ලියන්නට උත්සාහ දරමි... සත්‍යවශයෙන්ම මේ වන විට මා තරමක චංචල මානසිකත්වයකින් පසු වන බැව් නම් සැබව.නමුත් චිත්ත චෛතසිකයේ සිදුවන අනවරත අරගලයකින් හදවත පසාරූ කෙරී ඇති බවක් දැනේ. එයට හේතු වූ යම් සළකුණක් හෝ හොයමින් හිත නැවතුණු තැන් පුරා සරන්නට වෙහෙසුනත් ඉන් පලක් සතුටක් සුවයක් නො ලද්දෙමි... රෑ පහන් පවා නිවෙන නුවර තනිව බහිරවකන්ද බුදු රුව පසෙක විරාජමානව වඩ හිදිද්දී මාළිගාවෙ හවස් තේවාව ඇහෙන සීමාවේ නුවර වැව් සීමාවෙන් හමන සුවපත් සිසිල දැනෙන සීමාවේ. ඇහැළ ගසක් යට බලා හිදිමි. තරි පිපෙණ නිවෙන නිමේශය. වෙසගනුන් පහස හොයා සිහිවිකල්ව ඇවිදින යාමේ. ගණ අදුර අදුරු ලොව සියලු ඈයෝ අවදි කර ඇති බව හැගේ. අඩු තරමෙහි කාරණා කාරණා කොහොම වුවත් ගැහැණියෙක් කොහොම වුවත් පිරිමියෙක්ට වුවද නගරයක එළිමහනේ රෑ පහන් කිරීම කොයිතරම් බිහිසුණුද යන්න සිතීම පවා අසීරුය.
කල කෙසේවෙතත් ගෙවෙන මිනිත්තුව කල්පයක් සේ දැනේ.. දුකද දුකෙහි කෙලවරක් නැති පීඩිත භාවයන්ද හොදින් හාරවුස්සා ගත් ජීවිත කතාව කොමාවකින් අහවර කර හුස්ම ගන්නට දවසක් එන තුරු හිදිමි.
සියල්ලක අවසානයට පෙර ජීවිතේ මග හැරුණු වග මම තහවුරු කරගත් දාක එයින් සුවසේ මරණයට සැරසෙමී
ආඩම්බරකාරී
-krishan pelwatte-
නුවර.......... වැව් බැම්ම.......... ඇහැල ගස්..... බහිරවකන්ද........ මාලිගාව....... තේවා හඩ..........
ReplyDeleteඅනේ මන්දා කතාව තේරුම් ගන්න නං ආයෙම කියවන්න වෙනවා... මොකද මං මේවා අස්සේ මොහොතකට තනිවුණා...........
හැබැයි එක දෙයක් කියන්නම්..... ජීවිතේ කොහේ හරි තියෙනවා.... ආයෙම දවසක හම්බෙනවා....... එතකල් ජීවත් වුණොත් ඇති...
සංසාර සාගරේ .....
ReplyDeleteහම්මේ ඉතින් මොකක්ද බන් මේ ....
ReplyDeleteසමහර තැන් වල වචනත් තේරුනේ නැහැ...
රෑ උඩ කුරුටුවා ලියලා තියෙනවා වගේ මොනා වුනත් ගොඩක් තැන් වල හිත නැවතුනා...