Tuesday, May 17, 2016

බිසවුණේ

මගේ සෙනෙහෙවන්තී, අසාපන්
දුක නෑර හිත යට තියාපන්
නුඹෙ දීගේ දුක් ගිනිතියාපන්

මං නැතුව නුඹ හිත බෝම රිදිලා
දාක අපි එක්තැන් වෙලා
නුඹ ගැනම හිතිලා දුක්වෙලා
දුර රෑට මං නිදිනෑ

පෙම බෝම පිරිලා එක්තැනේ
මං ගාව සෙනෙහෙන් දුරු රටේ
මගෙ බෝම ළබැදී සෙනෙහසේ
සැතපෙන්න දේවී සිහිනයේ

Sunday, May 15, 2016

අප්පච්චී

මේ සංසාර අරණේ සෙනෙහෙ උල්පත්
සිඳී වියළී
ඉරිතලා ගිය නමුත්
මට තාම මතකයි
ඔය,
ගල් හිත අස්සේ
මහමෙරක් ආදරේ හංගං ඉන්න වග
මං වෙනුවෙන්,


Wednesday, April 20, 2016

ලස්සන ඇස් වල දිස්නේ

නිතැතින්ම කිවයුතු පුද්ගල හෘද ග්‍රහනයේ රැදෙන්නාවූ යමක් ලියන්නට උත්සාහ දරමි... සත්‍යවශයෙන්ම මේ වන විට මා තරමක චංචල මානසිකත්වයකින් පසු වන බැව් නම් සැබව.නමුත් චිත්ත චෛතසිකයේ සිදුවන අනවරත අරගලයකින් හදවත පසාරූ කෙරී ඇති බවක් දැනේ. එයට හේතු වූ යම් සළකුණක් හෝ හොයමින් හිත නැවතුණු තැන් පුරා සරන්නට වෙහෙසුනත් ඉන් පලක් සතුටක් සුවයක් නො ලද්දෙමි... රෑ පහන් පවා නිවෙන නුවර තනිව  බහිරවකන්ද බුදු රුව පසෙක විරාජමානව වඩ හිදිද්දී මාළිගාවෙ හවස් තේවාව ඇහෙන සීමාවේ නුවර වැව් සීමාවෙන් හමන සුවපත් සිසිල දැනෙන සීමාවේ. ඇහැළ ගසක් යට බලා හිදිමි. තරි පිපෙණ නිවෙන නිමේශය. වෙසගනුන් පහස හොයා සිහිවිකල්ව ඇවිදින යාමේ. ගණ අදුර අදුරු ලොව සියලු ඈයෝ අවදි කර ඇති බව හැගේ. අඩු තරමෙහි කාරණා කාරණා කොහොම වුවත් ගැහැණියෙක් කොහොම වුවත් පිරිමියෙක්ට වුවද නගරයක එළිමහනේ රෑ පහන් කිරීම කොයිතරම් බිහිසුණුද යන්න සිතීම පවා අසීරුය.
කල කෙසේවෙතත් ගෙවෙන මිනිත්තුව කල්පයක් සේ දැනේ.. දුකද දුකෙහි කෙලවරක් නැති පීඩිත භාවයන්ද හොදින් හාරවුස්සා ගත් ජීවිත කතාව කොමාවකින් අහවර කර හුස්ම ගන්නට දවසක් එන තුරු හිදිමි.
 සියල්ලක අවසානයට පෙර ජීවිතේ මග හැරුණු වග මම තහවුරු කරගත් දාක එයින් සුවසේ මරණයට සැරසෙමී

ආඩම්බරකාරී

-krishan pelwatte-

Monday, April 18, 2016

මූසලයා

රෑ වහින වැස්සට
ගෙයි උලුවස්ස ළගින්
කැඩුණු උළු කැටෙ වටෙන
වතුර බින්දු
අලුමේනියන් වළද සිපගන්න
ටක ටකස් ටක ටක සද්දෙන්
අකුණු ඉහ ළග පිපිරෙන රෑට
එළි වෙනකන්ම දෙඅත් දෙකකුල් අතර සගවන්
නිදන මූසල නින්ද
කෑළි කපන කලු අදුර
තරු කැට වහන්
අණසක කරන හැටි
හැදි සරම කඩා පෙරවූත්
හීතල නොයන තරමටම
රැය ගොරහැඩී මට විතරක්ද

-Krishan pelwatte-

Wednesday, April 6, 2016

සොවින් පිරී මගේ හද් රහට ලියූ අරුතෙහි

තනිය විරහව දුක පාලුව වැනී ඍණාර්ථය නාභි ගත කරන මිනිස් සංවේදනා හරි අපූර්වට ගීත සාහිත්‍යය සංස්පර්ශය කර ඇත. උපත රමණය හා මරණය නම් ජීවිත නවාතැන් තුළ මිනිස් චෛතසිකයන් පෙළන හා පෙළෙන සියුම් භාවයන් හරි අපූරුවට ප්‍රතිනිර්මාණය කිරීමට තරම් පැතිරුණු පරිකල්පනයක් සාහිත්‍යකරුවාට පවතී. රැල්ලට ලියනවාට වඩා දැනෙන ලියන පරම්පරාවක සුභ බව කෙතරම් අගනේද යන්නත්, ඔවුන් කෙතරම් පරතෙටට පරිකල්පනය පුහුණු කර ඇතිද යන වගත් තරමක අවබෝධයට පවා අසීරු කාරණයකි. තණ බිස්සකට වැටෙන පින්න හෙමි හෙමින් පසට උරාගන්නා සෙයින් මිනිස් භාවයන් විටෙක සියුම්වද තවත් විටෙක සංකීර්ණවද ප්‍රතිනොර්මාණය කරන්නට සාහිත්‍යකරුවෝ සමත් වෙති. ඒ වනාහී භාග්‍ය සම්පන්න සාහිත්‍යයක වත්කම යැයි හැදින්වීම ම සාධාරණය.
එකී දැකීමේ සාක්ෂ්‍ය සටහන වරෙක පියල් ප්‍රේමනාත්ගේ පන්හිදෙන් ලියැවෙන්නට ඇතැයි සිතමි. භාෂාව නම් හරි අපූරුයි. දුකට ලියවෙන කවි වල දුකත්, සතුටට ලියවෙන කවි වල සතුටත් දැනේ.. අතකින් එය හාස්කමක් ම නොවූ දස්කමකි අතකින් එය පුහුණු කළ පරිකල්පනයයි.
දුකින් මිරිකී තැලී පොඩිවී පෙළෙන හිතක වේදනාව හරි අපූරුවට දනවන්නට පියල් ප්‍රේමනාත් සමත් වී ඇත..

සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිටවන
හැගුම් කැටි ගැසී ගෙන දෙයි හිතට වේදනා
සුවෙන් මා එදා සැතපූ යහන් මත තවත් විසකටු තිබෙන්නාවූ ලෙසට දැනේ ගතට වේදනා

කෙතරම් සියුම් ප්‍රතිනිර්මාණයක්ද යන වග මහාපූරුවට විදග වේ. සොවින් සුවෙන් හැගුම් යනාදියෙන් පැසකින් ඇනින වේදනාව සුවපත් කිරීමට සමත් වී ඇත.

සිතත් වේදනාවෙන් පිරි ගතාත් සෝ දුකින් බර වී දෙනෙත් අද නොවී තිබුණත් ඉනුත් නෑ සුවේ
කනත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නෑ කිසි
එහෙත් ඉන් හොදක් මිහිරක් මෙතෙක් නෑ ඇතී

මේ තරම් ලස්සනට දුක කවි කෙරූ අපූරුව විඩාපත් වේදනා හිත සුවපත් කෙරූ අරුමය අතිශයින් පැසසිය යුතුය ස්පර්ශ ගෝචර විලාසය මෙන්ම කවියෙහිලා දක්වන හුරු බව..... අත්‍යවශ්‍යයෙන්ම පැසසිය යුතු ම ය ..


             -Krishan pelwatte-

Friday, April 1, 2016

හීන

හීන හුළගට වෙනස්කම් කරනවා වෙගයි.මං බාෙහා ම  අමාරැෙවන්  හොයා ගත්තු සල්ලි වලින් බණ්ඩාරෙවලට ටිකට් ඒකක් අැරන් පාන්දර කෝච්චියේ ගෙදර යන්න බලන් ඉස්ටේසමේ කෙලවරෙන් බඩු මල්ලක් තියන් ඉඳෙගෙන හිටියා.. හීන කප්පරක් කඩා වැටිලා හිතක් අසරණ වුණා ම දැනෙන හැගීම හිත අස්සෙ තියන් මං නුවර ඉස්ටේසමේ....
පැරදුණු මිනිහෙක් ගෙ අතීතය තුවාලයක්. වර්තමානය වේදනාවක්.. අනාගතය හීනයක්...
         අාඩම්බරකාරී

සිපිරි ගෙයි හිඳ


බලා බහිරවකන්ද බුදුන්ගේ රැව
හිතේ බර මොහොතකින් අමතක වුණා මට
වරින් රත් වූ ලෝ දිය වැක්කෙරෙන හිත
සිහිල් මෙත් සුවයේන් සැනසුනා නො දැනිම
තනිව විද ගත්තා මම ම
කෙරෑ පවු සේදෙන්න නොව
ආයේ ආයේ පින් කරන වග
රහසේ ම හිතුවා මම
පුරා එන මුළු නුවර සිප
නුවර වැව් හීතලය
හෑම කුටියකට ම බෙදෙන අපූරැව
තනිව අත් වින්දා මම ම
ආයෙමත් හිතුවා මම ම
දුන් දුකට පලි ගන්ට නොව
මෙතින් ලොව මින් සනහන්ට
සිපිරි ගෙයි කුටියේ හිඳ
 
 ක්‍රිශාන්

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...