මං පෙරූ ආදරේ පැතුම්
සෙනෙහසක් නෑ ළඟින් තියන්
ආල හිත යට රහස් කීවද
මටත් ඇහුණා හීනියට රහසින්
තුහින ඉහිරුණ මල් අරන් මග
බලන් එනකල් ආදරෙන්
හිත හොරෙන් හෙව්වා අදත් මතකයි
නුඹ මටත් හිමි නෑ මං තනී
හිත මගෙත් නෑ නුඹ ළග නැවතී
Krishan pelwatte
Tuesday, June 7, 2016
Love is
හිනැහෙන්න රහසේ සඟවලා දුක
ලොවට රහසේ
ආදරේ ඇබිතක් නිසාවද
ජීවිතේ මං මුලා කෙරුණේ
හීන රහසේ වින්ද පහසේ
තනියකුත් නැති හිතට රහසේ
ඇවිත් හෙමිහින් හිතම අරගෙන
ආලයක් දුන්නාද නුඹ
කාලයක් මට දුන්න හිත
Krishan pelwatte
ලොවට රහසේ
ආදරේ ඇබිතක් නිසාවද
ජීවිතේ මං මුලා කෙරුණේ
හීන රහසේ වින්ද පහසේ
තනියකුත් නැති හිතට රහසේ
ඇවිත් හෙමිහින් හිතම අරගෙන
ආලයක් දුන්නාද නුඹ
කාලයක් මට දුන්න හිත
Krishan pelwatte
Thursday, May 19, 2016
ආගම හා මිනිසා
අවසිහියෙන් යතාභූතය ලියමි. මිනිස්සුන්ට බොහෝ දේ යලි සිහිපත් වන්නේ තම ජීවිතයේ ඇතැම් පසුබෑම් වලදීය. බොහෝ අයට ආගම ජාතිය ඇදහිලි මතක් වෙන්නේ විපතක් වූන් විටදීය. 100%ක් නොවුණු බහුතරයකගේ.හැසිරීම එලෙසය... එය එසේ නොවෙයි නම් පිලිගත් තර්කයක් පිලිගැනීමට කැමැත්තෙමි. එය ආත්මර්තකාමීත්වයේ එක් සීමාවකැයි හදුන්වනු කැමැත්තෙමි. අතකින් කාර්යබහුල ජීවන රටාව නිසා.එවැනි තත්වයක් උදා වී අතැයිද කිව හැකිය. ඒත් එය හුදු නිදහසට කාරණා කීමක් පමණී. විපතක් වූ විට නැති කාර්යබහුලත්වය සැපේදි ඇති යැයි පැවසීම ම හිනාවට කාරණයකි... අතීතය ද වර්තමානයද ඊට සාපේක්ශව අනාගතයද මීට වැඩි වෙනසක් නොවේ.
Tuesday, May 17, 2016
බිසවුණේ
මගේ සෙනෙහෙවන්තී, අසාපන්
දුක නෑර හිත යට තියාපන්
නුඹෙ දීගේ දුක් ගිනිතියාපන්
මං නැතුව නුඹ හිත බෝම රිදිලා
දාක අපි එක්තැන් වෙලා
නුඹ ගැනම හිතිලා දුක්වෙලා
දුර රෑට මං නිදිනෑ
පෙම බෝම පිරිලා එක්තැනේ
මං ගාව සෙනෙහෙන් දුරු රටේ
මගෙ බෝම ළබැදී සෙනෙහසේ
සැතපෙන්න දේවී සිහිනයේ
දුක නෑර හිත යට තියාපන්
නුඹෙ දීගේ දුක් ගිනිතියාපන්
මං නැතුව නුඹ හිත බෝම රිදිලා
දාක අපි එක්තැන් වෙලා
නුඹ ගැනම හිතිලා දුක්වෙලා
දුර රෑට මං නිදිනෑ
පෙම බෝම පිරිලා එක්තැනේ
මං ගාව සෙනෙහෙන් දුරු රටේ
මගෙ බෝම ළබැදී සෙනෙහසේ
සැතපෙන්න දේවී සිහිනයේ
Sunday, May 15, 2016
අප්පච්චී
මේ සංසාර අරණේ සෙනෙහෙ උල්පත්
සිඳී වියළී
ඉරිතලා ගිය නමුත්
මට තාම මතකයි
ඔය,
ගල් හිත අස්සේ
මහමෙරක් ආදරේ හංගං ඉන්න වග
මං වෙනුවෙන්,
Wednesday, April 20, 2016
ලස්සන ඇස් වල දිස්නේ
නිතැතින්ම කිවයුතු පුද්ගල හෘද ග්‍රහනයේ රැදෙන්නාවූ යමක් ලියන්නට උත්සාහ දරමි... සත්‍යවශයෙන්ම මේ වන විට මා තරමක චංචල මානසිකත්වයකින් පසු වන බැව් නම් සැබව.නමුත් චිත්ත චෛතසිකයේ සිදුවන අනවරත අරගලයකින් හදවත පසාරූ කෙරී ඇති බවක් දැනේ. එයට හේතු වූ යම් සළකුණක් හෝ හොයමින් හිත නැවතුණු තැන් පුරා සරන්නට වෙහෙසුනත් ඉන් පලක් සතුටක් සුවයක් නො ලද්දෙමි... රෑ පහන් පවා නිවෙන නුවර තනිව බහිරවකන්ද බුදු රුව පසෙක විරාජමානව වඩ හිදිද්දී මාළිගාවෙ හවස් තේවාව ඇහෙන සීමාවේ නුවර වැව් සීමාවෙන් හමන සුවපත් සිසිල දැනෙන සීමාවේ. ඇහැළ ගසක් යට බලා හිදිමි. තරි පිපෙණ නිවෙන නිමේශය. වෙසගනුන් පහස හොයා සිහිවිකල්ව ඇවිදින යාමේ. ගණ අදුර අදුරු ලොව සියලු ඈයෝ අවදි කර ඇති බව හැගේ. අඩු තරමෙහි කාරණා කාරණා කොහොම වුවත් ගැහැණියෙක් කොහොම වුවත් පිරිමියෙක්ට වුවද නගරයක එළිමහනේ රෑ පහන් කිරීම කොයිතරම් බිහිසුණුද යන්න සිතීම පවා අසීරුය.
කල කෙසේවෙතත් ගෙවෙන මිනිත්තුව කල්පයක් සේ දැනේ.. දුකද දුකෙහි කෙලවරක් නැති පීඩිත භාවයන්ද හොදින් හාරවුස්සා ගත් ජීවිත කතාව කොමාවකින් අහවර කර හුස්ම ගන්නට දවසක් එන තුරු හිදිමි.
සියල්ලක අවසානයට පෙර ජීවිතේ මග හැරුණු වග මම තහවුරු කරගත් දාක එයින් සුවසේ මරණයට සැරසෙමී
ආඩම්බරකාරී
කල කෙසේවෙතත් ගෙවෙන මිනිත්තුව කල්පයක් සේ දැනේ.. දුකද දුකෙහි කෙලවරක් නැති පීඩිත භාවයන්ද හොදින් හාරවුස්සා ගත් ජීවිත කතාව කොමාවකින් අහවර කර හුස්ම ගන්නට දවසක් එන තුරු හිදිමි.
සියල්ලක අවසානයට පෙර ජීවිතේ මග හැරුණු වග මම තහවුරු කරගත් දාක එයින් සුවසේ මරණයට සැරසෙමී
ආඩම්බරකාරී
-krishan pelwatte-
Monday, April 18, 2016
මූසලයා
රෑ වහින වැස්සට
ගෙයි උලුවස්ස ළගින්
කැඩුණු උළු කැටෙ වටෙන
වතුර බින්දු
අලුමේනියන් වළද සිපගන්න
ටක ටකස් ටක ටක සද්දෙන්
අකුණු ඉහ ළග පිපිරෙන රෑට
එළි වෙනකන්ම දෙඅත් දෙකකුල් අතර සගවන්
නිදන මූසල නින්ද
කෑළි කපන කලු අදුර
තරු කැට වහන්
අණසක කරන හැටි
හැදි සරම කඩා පෙරවූත්
හීතල නොයන තරමටම
රැය ගොරහැඩී මට විතරක්ද
ගෙයි උලුවස්ස ළගින්
කැඩුණු උළු කැටෙ වටෙන
වතුර බින්දු
අලුමේනියන් වළද සිපගන්න
ටක ටකස් ටක ටක සද්දෙන්
අකුණු ඉහ ළග පිපිරෙන රෑට
එළි වෙනකන්ම දෙඅත් දෙකකුල් අතර සගවන්
නිදන මූසල නින්ද
කෑළි කපන කලු අදුර
තරු කැට වහන්
අණසක කරන හැටි
හැදි සරම කඩා පෙරවූත්
හීතල නොයන තරමටම
රැය ගොරහැඩී මට විතරක්ද
-Krishan pelwatte-
Subscribe to:
Posts (Atom)
මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...
-
ai?? wenada nathi paaluwak danune dukkak hitha yata hitha thalanne matath mage hitha hadagannata ba nubath nihadai mata kiyanneth na ka...
-
උදැහැනින් නුවර ඉස්ටේසමෙන් එන පොඩිමැණිකේ කෝච්චිය හන්තාන කදුගැට්ටෙන් මෙහා ඉවුරේ පේරාදෙණි සරසවිය පේන ඉසව්වේ නැවතිලා නුඹව ඇරගෙන බදුලු යන්නට සැරස...
-
මං පෙරූ ආදරේ පැතුම් සෙනෙහසක් නෑ ළඟින් තියන් ආල හිත යට රහස් කීවද මටත් ඇහුණා හීනියට රහසින් තුහින ඉහිරුණ මල් අරන් මග බලන් එනකල් ආදරෙන් හ...