Monday, April 18, 2016

මූසලයා

රෑ වහින වැස්සට
ගෙයි උලුවස්ස ළගින්
කැඩුණු උළු කැටෙ වටෙන
වතුර බින්දු
අලුමේනියන් වළද සිපගන්න
ටක ටකස් ටක ටක සද්දෙන්
අකුණු ඉහ ළග පිපිරෙන රෑට
එළි වෙනකන්ම දෙඅත් දෙකකුල් අතර සගවන්
නිදන මූසල නින්ද
කෑළි කපන කලු අදුර
තරු කැට වහන්
අණසක කරන හැටි
හැදි සරම කඩා පෙරවූත්
හීතල නොයන තරමටම
රැය ගොරහැඩී මට විතරක්ද

-Krishan pelwatte-

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...