Friday, April 1, 2016

හීන

හීන හුළගට වෙනස්කම් කරනවා වෙගයි.මං බාෙහා ම  අමාරැෙවන්  හොයා ගත්තු සල්ලි වලින් බණ්ඩාරෙවලට ටිකට් ඒකක් අැරන් පාන්දර කෝච්චියේ ගෙදර යන්න බලන් ඉස්ටේසමේ කෙලවරෙන් බඩු මල්ලක් තියන් ඉඳෙගෙන හිටියා.. හීන කප්පරක් කඩා වැටිලා හිතක් අසරණ වුණා ම දැනෙන හැගීම හිත අස්සෙ තියන් මං නුවර ඉස්ටේසමේ....
පැරදුණු මිනිහෙක් ගෙ අතීතය තුවාලයක්. වර්තමානය වේදනාවක්.. අනාගතය හීනයක්...
         අාඩම්බරකාරී

සිපිරි ගෙයි හිඳ


බලා බහිරවකන්ද බුදුන්ගේ රැව
හිතේ බර මොහොතකින් අමතක වුණා මට
වරින් රත් වූ ලෝ දිය වැක්කෙරෙන හිත
සිහිල් මෙත් සුවයේන් සැනසුනා නො දැනිම
තනිව විද ගත්තා මම ම
කෙරෑ පවු සේදෙන්න නොව
ආයේ ආයේ පින් කරන වග
රහසේ ම හිතුවා මම
පුරා එන මුළු නුවර සිප
නුවර වැව් හීතලය
හෑම කුටියකට ම බෙදෙන අපූරැව
තනිව අත් වින්දා මම ම
ආයෙමත් හිතුවා මම ම
දුන් දුකට පලි ගන්ට නොව
මෙතින් ලොව මින් සනහන්ට
සිපිරි ගෙයි කුටියේ හිඳ
 
 ක්‍රිශාන්

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...