Thursday, December 14, 2017

නාඩන් උලලේනෝ


සරත් රෑ ඉම නොඑක් ආරෙන් දරන් ඉද්දී කදු හිස
අදත් නෑ තව ගින්න නිවුනේ වියළි තුරු පත් කොළ අග
වැළඳි ලෙඩ දුක නුහුරු ගස් බෙන වලට වැදි පැටවුන් ඇග
නහර ඇලිලා දෙඇස් ගිලිලා බලන් පණ ඉල්ලන වග
හුගක් කාලෙට සරත ආවම නොකිය ඉකිලන තුරු පත
අගක් හොයලා හතිය හින්දා ඔහේ හෙලැවෙනවා අද
මගක් ඇවිදින් නැවත හැරිලා යන්න නොහැකිව තනිවුණ
ඔහේ දුර මං බලා යනවා ඒක මෑ සසරෙහි හැඩ
මුදුන් මුල් ඇති දේව ගණයේ උසස් ගස්කුලයක හිද
රෑට අහසේ තනිය අස්සේ කොහොම හිටියද අඩ හඳ
මසැස් අස්සේ උසස් හිත්සේ පසක් වෙද්දී උකුසැස
එළිය දිස්වේ කොළග අස්සේ එහෙව් ඇස් නොනිදා ඇත
කැලේ සමහර දිනක් රෑ මැද තනිව උඩුබුරලනවද
උඹට දුක උහුලන්න උලමෝ බැරිද ඔයහැටි ඉකිබිද
අතරමං වුණ බලෙන් නැවතුණ ගණ කැලෑවක තනිවුණ
හුගක් ඇස් වල කදුළු තිබුණත් එතන මළසිරුරක් නැත
Krish

අමාවකට හඬන්නේ පසළොස්වකට ආදරේම හින්දා.

විඩාබරිත ඉවසිය නොහැකීය රැය
හඩාවැටෙන හදවත වේදනා විද
පාරා වේදනා තරවටු කරන ලද
හීන් බටනලාවක් වැයෙනවා දුර
කැලණිය ගං දෑල අතරින් හමා එන
සුන්දර මූදු හුළඟක පෙම් කතාවක
සංසල ස්වර රටාවක වේදනවක
රිද්මය කැටිව තිබුණා හඩවනා ඇහ
මේ පරිසරය අඩ අදුරේ මේ කුටිය
ඒ හඬ මද හුළඟෙ පාවෙන හැඩය විඳ
රහසේ ඉකිගසා මහරෑ පුරාවට
සුසුමක් තියාවී පණ ගැහෙනවා තව
Krish

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...