Wednesday, April 6, 2016

සොවින් පිරී මගේ හද් රහට ලියූ අරුතෙහි

තනිය විරහව දුක පාලුව වැනී ඍණාර්ථය නාභි ගත කරන මිනිස් සංවේදනා හරි අපූර්වට ගීත සාහිත්‍යය සංස්පර්ශය කර ඇත. උපත රමණය හා මරණය නම් ජීවිත නවාතැන් තුළ මිනිස් චෛතසිකයන් පෙළන හා පෙළෙන සියුම් භාවයන් හරි අපූරුවට ප්‍රතිනිර්මාණය කිරීමට තරම් පැතිරුණු පරිකල්පනයක් සාහිත්‍යකරුවාට පවතී. රැල්ලට ලියනවාට වඩා දැනෙන ලියන පරම්පරාවක සුභ බව කෙතරම් අගනේද යන්නත්, ඔවුන් කෙතරම් පරතෙටට පරිකල්පනය පුහුණු කර ඇතිද යන වගත් තරමක අවබෝධයට පවා අසීරු කාරණයකි. තණ බිස්සකට වැටෙන පින්න හෙමි හෙමින් පසට උරාගන්නා සෙයින් මිනිස් භාවයන් විටෙක සියුම්වද තවත් විටෙක සංකීර්ණවද ප්‍රතිනොර්මාණය කරන්නට සාහිත්‍යකරුවෝ සමත් වෙති. ඒ වනාහී භාග්‍ය සම්පන්න සාහිත්‍යයක වත්කම යැයි හැදින්වීම ම සාධාරණය.
එකී දැකීමේ සාක්ෂ්‍ය සටහන වරෙක පියල් ප්‍රේමනාත්ගේ පන්හිදෙන් ලියැවෙන්නට ඇතැයි සිතමි. භාෂාව නම් හරි අපූරුයි. දුකට ලියවෙන කවි වල දුකත්, සතුටට ලියවෙන කවි වල සතුටත් දැනේ.. අතකින් එය හාස්කමක් ම නොවූ දස්කමකි අතකින් එය පුහුණු කළ පරිකල්පනයයි.
දුකින් මිරිකී තැලී පොඩිවී පෙළෙන හිතක වේදනාව හරි අපූරුවට දනවන්නට පියල් ප්‍රේමනාත් සමත් වී ඇත..

සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිටවන
හැගුම් කැටි ගැසී ගෙන දෙයි හිතට වේදනා
සුවෙන් මා එදා සැතපූ යහන් මත තවත් විසකටු තිබෙන්නාවූ ලෙසට දැනේ ගතට වේදනා

කෙතරම් සියුම් ප්‍රතිනිර්මාණයක්ද යන වග මහාපූරුවට විදග වේ. සොවින් සුවෙන් හැගුම් යනාදියෙන් පැසකින් ඇනින වේදනාව සුවපත් කිරීමට සමත් වී ඇත.

සිතත් වේදනාවෙන් පිරි ගතාත් සෝ දුකින් බර වී දෙනෙත් අද නොවී තිබුණත් ඉනුත් නෑ සුවේ
කනත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නෑ කිසි
එහෙත් ඉන් හොදක් මිහිරක් මෙතෙක් නෑ ඇතී

මේ තරම් ලස්සනට දුක කවි කෙරූ අපූරුව විඩාපත් වේදනා හිත සුවපත් කෙරූ අරුමය අතිශයින් පැසසිය යුතුය ස්පර්ශ ගෝචර විලාසය මෙන්ම කවියෙහිලා දක්වන හුරු බව..... අත්‍යවශ්‍යයෙන්ම පැසසිය යුතු ම ය ..


             -Krishan pelwatte-

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...