Tuesday, March 1, 2016

ආදරණීය කන්ද උඩරට

ඉස්සර ඇත්තටම හවස නුවර හරි ලස්සනයි
හන්තාන කදු ගැට අතරින් එන හීනි හුළගත්
දැනෙන නොදැනෙන ගානට වැටෙන මල් වැස්සත්
හරු අමුතුයි අමුත්ත හිතට නුහුරුයි
ඇවිදින් හෙමින් වැව් බැම්මෙ වැදෙන
හෙමි හෙමින් රළ ගහන නුවර වැව
මේ හැම දේම දනී
අපි වගෙම වැව පණ ගහයි නම්
හොදින් ඒ වග කියයි
වැව වටේ බංකුවේ හිදින පෙම්වතුන් ගැන
ඒ අහින් රෑ වෙලා ඇවිදින අම්බපාලී ගැන
හොරෙන් උන් පස්සේම යන පිරිමින් ගැන
තවත් හොරකම් කරන යන එන හොරු ගැන
තවත් විස්තර කියයි
අනේ ඒ විතරක් නෙවෙයි
මාළිගාවේ බෙර හඩින් රැව්දෙන බුදු බස
ඒ අසන්නට අවිත් යන දෙවිවරු ගැන
උඩ මළුවෙ මල් පහන් පුද දෙන අය ගැන
මටත් වැඩියෙන් කියයි
පණ ගැහෙන නුවර වැව
ඒත් අද ඉස්සර වගේ නම් නෙවෙයි

සදවතී දුකද ආලේ


හුස්ම ළග ඉඩ නැති හිතින් නුඹ
වහරමී ආලේ බසින් මම
කදුළ හැඩ නැති කැටයමින් පෙම
කොහොම පෙම් කවි ලියුවාද අසමී

හීන ගොරහැඩි සුසුම් වහරන
ආදරේ කටු වදන් ළග හිත
කොහොම දුක ඉහිලුවාදැයි මම
නුඹෙන් නො අසමී කිසිදිනෙක ඒ වග

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...