Sunday, June 12, 2016

රිදුණු හිත කීරී ගසාපන්
මගෙ වැරදි මං හිර ගෙයක රහසින්
වැදූ ගෙයි මම මටත් හොර රහසෙන්
මැරූ හිත මං සගවමී ලොවට හොරැහින්

පෙර මං හන්දියෙන් එගොඩහ
රෑ පහන් අඩ අදුරේ දැවී නිවී යාවී
දහ දෙනෙක් දාහේ කොලේකින්
වසා ලෙබී පිපාසෙන්
මදී තව ඉල්ලලා ලෝබෙන්
ඉකිබිදුම් මුලු ලොවක් නොදනීවී
මේ පහන් රෑ දනී මගෙ දුක
පොඩි එවුන් හඩතී
සල්ලියෙන් නො ලැබුණත් සුවයක්
සතුට ඩිංගක් දී
මගේ වුන් එක බත් පිඩක් කද්දී
හෝරෙන් හිනැහෙන හිතට මං ගැන
තවත් වැටහෙයි
මමත් නෑ වැරදී

මම

පාරමී

තටු හොයාන ඉගිලෙන්න
මේ නිල් අහසම මට දෙන්න
උඩු හුළගට හිත ගන්න
සැඩ හිරු එපිටට යන්න
කල් යල් තුන් කල් බලන
පෙම් කවි හිත් පැලපදියම් වුණ
රන් රස ගුණයහපත් එහෙම
පින්කෙත පිරි ඉතිරෙන හිරිය
බිදි සිල් ඔතප් නැත හැංගුණ
අහස් කුස උඩුහුළගට
තටු ලැබුණද කැඩිණ
උඩු හුළඟ දෘඪ වීය
සෙනෙහස අහිමීව
හිටිනවා මම
සෙනෙහෙන් හිත් පුරවාන
හිටිනවා වෙනුවට

මං

මගට වී

ආදරේ

පාරන්න හදවත පසාරූ තුඩගින්
රාගීව ඇදහැළුණු ශ්වේතයි හිත් සුසුම්
රවටන්න ලීලෙන් කම්පිතයි දෙන රිදුම්
මම උන්නෙ නුඹටයි වෙන හිතක් නැති හුස්මකින්

 මං තරං ආදරේ වෙන කෙනෙක් නැති තරං

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...