Posts

Showing posts from August 15, 2017

හෙමි හෙමින් ළං වෙන්න පැතුමන් පිරේවී

සබස ළබැදීය ළෙන්ගතූ
හවස සැනහීම හිත්බැන්දූ
පවස හැම හෑම ඩිංගිත්ත්කුදූ
දවස ගානේ නොකිය එක්කරගත්තූ

රහට රහ කර කර කියන බැද බැද කතා
පැහැට බැදි හින්දා ද මග බලුවේ ඔයා
කවට කෙළි කම් බොළද වැඩි හින්දා තියා
ඇහැට ඇහැ වෙන් නොවී කල් ගෙව්වා නොයා

නිහඩ නිසසල නිසොල්මන් අහස පොළොවෙහී
ඉවක් නැතුවා ම හිත සරාවී ඔහේ හී
හෙමි හෙමින් ළං වෙන්න පැතුමන් පිරේවී
මෙයින් නික්මී ඉන්න හිත් හේතු නොදේවී
Krishan pelwatte

නෑර තෙද බල එළියක්

ජීවිතේ කියන්නේ ඒ වෙනසට...
කලුවර වසාගෙන අහසට ම විතරක්
හැම වීදියක් වීදියක් ගානෙම
දවාලටවත් නැති එළියක්
දවල් තිස්සේ ඉදන් වෙහෙසට
බෙලිමල් ටිකක් හකුරු එක්කන්
තිබහ මහන්සිය හැම එකක්
අමතකයි කස සද්දෙ ඇහෙනකොට
එක්ක පන්දං එළියක්
ගිගුම් දෙන පසගතුරු ගොස
හිතට හරි ඔසුවක්
බලන් පේවෙන එකත්
ඇත්තට නිවෙන්නට එක විදියක්
ඒත් ඉස්සර වගේ නෑ
දැන් වෙනස් වී ඇත තරුවක්
ඈත දුරකින් බලන් උන්නට
එන්න වෙන්නෑ හැඩුවත්
කොයිතරං නං පෙරුම් පිරුවත්
ඒක අසරණ වරුවක්
මෙහෙ වුණත් මට දැනෙනවා තව
නෑර තෙද බල එළියක්
නුවර අක්මුල් අතර විහිදී
දෑල ගමනක සිරියක්....
Krishan pelwatte

යායේ හීන

රතැගිලි දෙඅත් වල ඇත තේ දලු කහට
බැදැ රෙදි කඩෙන් වහලා කකුලේ සැරව
එන උදැහැනින් නැගලා හරියට හයට
කළුවර දෙඇස් වල ඇත සහසක් සිහින

වැහි කලුවර ඉරේ දැඩි රැස් වලට හුරූ
හවසට අදුර ගොම්මන ඇස් වලට හුරූ
අහපන් දුක අදෝනා දැක බහින හිරූ
ලැයිමට උඩින් පායන්නෑ සිකුරු තරූ

කන්දේ බොරළු වැලිකැට ඇනිලා පයට
තැලුමක් නිසා ඇදුමක් දුන්නා පයට
කන්දේ ලැයිං වල හැමදාමත් රැයට
ඉකිලන කෙදිරි ඇහෙතී වරුවක් පැයට

සොච්චං පඩිය පැය ගානක විඩාවට
ඇත්‍තං යන්ට මෙහෙ දුක හැර අපායට
ගෙත්තං නොකළ අවිහිංසක හිනාවට
හංගං ඉන්න කදුළැල් ඇත නොපෑවට
Krishan pelwatte

බැදෙන්න හැගෙන්න රැදෙන්න හිදින්න

බැදෙනවනං බැදෙන්න
තතපරයකුත් ඇති හැගෙන්න
රැදෙනවනං රැදෙන්න
ඒක විතරක්ම ඇති හිදින්න
Krishan pelwatte

love and eye

ම ආසම නුඹව බලන්න උපැස් නැති ඇහෙන්
මං පඩි පෙළ අයිනෙ ඉද්දී ඈත පාරෙන් එන හැඩ
හිතාගන්නේ කොහොම මන්දා ඔයා ඔච්චර ලස්සන
හරියටම එක තීරුවක් දිග කෙලින් පාරේ අඩි තිය
දුර තියං රුව ඇදෙන ගතියක් දුටිමි ඇස් වලට ඉස්සර
දුර බලද්දී බොද වෙලා ගස්කොළ පවා නිල් අහස ද
පාර අයිනෙන් ඔයා එනකල් බලන් උන්නා ගැන ගැන
බොද වෙච්ච තල දෙකක් අස්සේ හිතදිහාවට එනවද
ඕන නං තව බලං ඉන්නම් ළගට එනකල් ගැන ගැන
KrisHan pelwatte

දිනපොත

පොත් එක්ක හිත් හෙව්ව
මං දැක්ක නො ලැබිච්ච
තව හොයන හිතින් හිත
අවුසාගෙන
එකින් එක විටින් විට
කලබලෙන් මගේ ළග
රැදී මං ගැන කියයි
මෙහෙම මං හිටිය වග
හිනාවුණ හැඩූ වග
හිතේ ලියැවුණු මතක
රැදී දාහක් දවස
මං ගෙවා දැමූවද
එහෙත් තව අතීතය
කොහොම තිබුණත් මොටද
අපැහැදිලි හෙට හිරුට
දණ නමමි මෙතැන හිද.
Krishan pelwatte 2016

මම බෝසත් නො වෙමි

අකීකරු ධෛවයක් කියලා ආයෙ එන්නේ නෑම කියලා
කදුලු දෙනෙතේ ඉහිරිලා අහස හොදටම හඩනවා
අවෛරී චේතනාවෝ පසෙකලා පසමිතුරු සංවේදනා
කුමරී හිත ද වත සංකල්පනා කවුරු හැදිනූවාද මන්දා
ඉවුරෙ දෙතැනක තනි වෙලා
වැහි බිංදු කැට ඉකි ගහනවා
වැටෙන කොපුලග සේදිලා
ගලා පහළට ගලනවා
නිතර වෙනසක් දැන දැන
කතා නොකරම ඉවසුවා
නුඹ හිනාවෙන හැඩට
මං අඩන්නේ මොකටද
ඒ වුනත් කදුළු කැටවල
බරක් ඇත මගෙ හිතට
පාරමී නුපුරමී කිසි ලෙසක
සහෝදර පෙමට කැක්කුම වැඩිය
Krishan pelwatte

කලු සුදු එකත් හරි රහක්

කම්කටොලු ඉවසාන
කප්පරක් මග බලන්
දුක් කදුලු ගළපාන
දුක් ගොඩක් මුල ඉදන්
නිම් වළලු නැති දෑස්
යදී හුස්මක් හෙමින්
සුදු අතර කලු අතර
හරි පාට ලෝකයක්
ඇත හිතට හරි දුරින්
කලු සුදු එකත් හරි රහක්
Krishan pelwatte

බිම් මලත් ඔහොමයි

බිම් මලත් ඔහොමයි
මහ විසල් මහ වනය මැද්දේ
තේජසට අතු පතර විහිදා
මුදුන් මුල සාරෙටම ආරා
මහා බද ඇති යෝද මාරා
අහංකාරෙට අනෙක් ගහකොළ
දිහා මහ උඩගුවෙන් බල බල
අසරණුන්ගේ කන්නලව් ටික
අස අසා පුදසුනක් කරගෙන
මහා වැසට අනෝරාවට
මහා හුළගට නොසෙල්වී හිද
මහා බලයෙන් උදුම්මාගෙන
මහා රුක රජ කළා වනයක
එදා දවසක මහා රෑ මැද
හුළග ඉවසා ගන්න බැරුවම
තවත් ගස් දෙකතුනක් බිම ඇද
වැටී තිඹුණා ගහම බිමට ම
අසරණුන්ගේ කන්නලව් ගෙන
පිහිට දුන්නා කිව්ව දෙයියොත්
ගහවැටෙද්දී විමානේ හැර
චුත වෙලා වෙන ගහක් මුදුනට
ගෙවී දින දෙක තුනක් හෝරා
ගහ වසාගත් ආත්මය
දමා යන්නට නොහැකි ලීලෙන්
ගහේ බද ඉපදිලා බිම්මලක
හිතාගන්නේවත් කොහොම
අහංකාර ගතියැති ඔහොම
පණ්ඩිතාචාර වූ බොහොම
වුන් හිතන හැටි මෙහෙම
Krishan pelwatte

කඩුපුල් බුදු පුදට

රෑ බුදු පුදට පිපි කඩුපුල් දෙවගනකී
දුක් බැන්ද හාද්දක් මද හුළගේ පා කළ
රතු වෙච්ච සුදු මලක් මග බලයි නිතරම
බක් වෙසක් පහු වෙලත් ඉල් සදට ඉස්සර
රහ සේම ඇහැරිලා නිදන කඩුපුල් මල
සේපාළිකා පිපී සරසලා නැති වුණත්
තරු උඩුවියන් බැන්ද කලුවරට හුරුවුණත්
ඔහේ අකුලක කොණක හොර රහසෙ ගෙවූවත්
නුඹ හොරෙන් ඇහැරුණම ගම් හතක සිරියක්
ඒ තරම් සුවදක්......
Krishan pelwatte

හොදම දේ නොදොඩාම ඉන්න

අපි හිතන්නේ නැතිම විදියට
වෙනස් වෙද්දී ජීවිතේ
නවත්තන්නට බැරිම තැනදී
ගග ගලන්නෙත් හිතුමතේ
හිනස්සන්නට කිතිකවද්දිත්
රවන්නේ තරහට හිතේ
ඔහොම තරහින් බලන් උන්නම
හැඩයි වෙනදාටත් නගේ
කදුළු බොළදී ඔහොම හැඩුවම
ඇහිපියන් කදුළෙන් දරා
වැටී දෙකොපුල් අතර රූරා
කදුළු කැට විහිරී ගියා
ඒ තරං නං දුකක් නෑ තව
දරන් උන් බැමි පිපිරිලා
මගේ කදුළුත් කඩන් හැළුණා
ඇත්තමයි ඇඩුවම ඔයා
Krishan pelwatte

university library.....

මෙතැන...
ඔහේ ගලා ආ සිතුවිලි
නිහඩ වටපිට අණසක විදා
කොහේ ඇති මිහිරක්ද නොදනී
තනිව මෙතැනට හුරු වෙලා
බොහෝ අය කාරණා නොදනී
මෙතැන පොත් පත් කියවනා
ජීවිතේ ඉමිහිරිය මෙතරම්
පෙම් කතා බස් මුහුවෙනා
දැන් හරිම හුරු පුරුදු
පෙර බයෙන් ආ නුහුරු
හරිම පුදුමයි මෙතන
ඉස්සරටත් වඩා
හිත්ලනා හුග කාරණා
සමහරක් දුක් වේදනා
හැංගුවෙත් මෙතැන ම තමා
Krishan pelwatte

අහිමි වීම

වෙනදා වගෙම පෙර ලෙස
මා, බලා යන්නට එනවද
හුගක් දේවල් හිරකර
අපි හිනාවෙමු ඒත් එක්කම
සබද මට නුබ දුන්න හීනය
දරාගන්නත් අමාරුයි මට
නිමාවක් දැක දැකම හිත්වල
කොහොම ආලෙන් උන්නාද මන්දා නුඹ
අවාසනාවන්‍ත කල් බලන
අවාසනාවන්‍තියය මම
නුඹේ අවසන් හිනහව
බලා සමුගන්න මොහොතකට ඉස්සර
ඊයේ මහ කලබලෙන් ඇවිදින්
පාන්දර මහ හුළග මගෙ ළග
හුගක් දේවල් ඇවිත් කිව්වා
දෑස් ළග දෙව්ලොවක් මැව්වා
මමත් අකමැත්තටම රැව්වා
නුඹට පිටුපායන්නෙ නෑ කිව්වා
ඒ තරහ හින්දා ද මන්දා
ගිහින් පැය දෙක තුනට පස්සේ
තදින් හුළගක් කඩන් ආවා
ඒ සැරට මං රේල් පාරේ
ඇදන් වැටුණා
අපි ගැන්න දින හීන වෙනුවෙන්
කැඩී විසිරී රේල් පාරේ
හීන බින්දා
මම දෙයක් කියල එව්වා
මෙහෙන් ගිය බඹරෙක් ලව්වා
කලින් ඇවිදින් යන්න අදවත්
ආදරය මහ හිනා සදකැන්
සියල්ලම නුඹ නිසා හංගන්
යන්න මොහොතක් කලින්
අනේ අද කෝච්චිය එන්නේ නැත්‍තන්
Krishan pelwatte

සොහොන් කොතෙහී ලියූ කවිය...

නුඹට හංගා හිතේ තිබ්බට මගේ හිතටත් මහ බරක්
ඒක හින්ද ම නුඹ නිදද්දිත් සොහොනෙ ලිව්වේ කවි දෙකක්
නොදැන දින කල් ගෙවිල හිතට දැනුනට අමුත්තක්
නුඹට නොකියම යන්න හිතුවට මං කළේ ලොකු වරද්දක්
පන්හිදේ තීන්තෙන් තද කරන් මහමෙරක්
හල් කරේ අකුරක්ම ඒ තරම් වඳ හිතක්
ළං කළේ පෙර මතක රැදි හිතක පුරුද්දක්
නුඹට පෙම් කළ මතක නුඹ නොදත් රහසක්
මියෙද්දිත් කියන්නට හිතව්වත් කොදුරා
ඒ තරං හිත හයිය නෑ කදුළු උහුලා
ගෙවද්දිත් නුඹ ලෙඩින් වරද්දක් කරලා
කොහොම ගන්නද මතක එකින් එක උදුරා
Krishan pelwatte