Wednesday, September 26, 2018

මහ රෑ
පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ
වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ
හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳු ගැට හිඳියි වැටියේ
වැදී ගල් පරයකින් පහතට වැටෙයි පණ නැති හරිය නදියේ
ඇතැම් තැන් වල වවුලු වාසේ හෙළා දකිමින් තමන් තරයේ
එකඟ නොවමින් ගේන මතයට නැගෙන කච කච සද්ද බෙනයේ
තවද පහළට නැමී උණ බට හොරෙන් ගග සිපඟන්න හරියේ
හෙමින් පාරුව වැනෙයි දෙපසට තොටිය ඇයි නිදි නැතුව හිටියේ
කපුටු කූඩුව ළඟට ඉගිළී ගිහින් හංගල ආව බිත්තර
කොවුලු අප්පෙක් වමාරනවලු කපුටු බිත්තර කැඩුව විස්තර
කවුද ඇඳලු ලෙනෙහි දඩයම් කරන සී.සී.ටී.වි චිත්තර
කවුරු කවුරුත් කතා කෙරුවේ නඩුව දවසෙදි දෙන්න උත්තර
රැයක තනිපංගලමෙ අහසක තියෙන තරු කැට එකට එක්කර
කවුද බල්ලා කවුද වලසා අසන විටෙකදි අතක් දික්කර
ගනන් කරගෙන දෙකෙන් බෙද බෙද ගුණිත වගු ගොඩ නගන චක්කර
ආං අර පේනවද ගෙම්බෙක් අහසෙ වෙන් කරනවා අක්කර
Krishan rathnayake

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...