Friday, April 1, 2016

සිපිරි ගෙයි හිඳ


බලා බහිරවකන්ද බුදුන්ගේ රැව
හිතේ බර මොහොතකින් අමතක වුණා මට
වරින් රත් වූ ලෝ දිය වැක්කෙරෙන හිත
සිහිල් මෙත් සුවයේන් සැනසුනා නො දැනිම
තනිව විද ගත්තා මම ම
කෙරෑ පවු සේදෙන්න නොව
ආයේ ආයේ පින් කරන වග
රහසේ ම හිතුවා මම
පුරා එන මුළු නුවර සිප
නුවර වැව් හීතලය
හෑම කුටියකට ම බෙදෙන අපූරැව
තනිව අත් වින්දා මම ම
ආයෙමත් හිතුවා මම ම
දුන් දුකට පලි ගන්ට නොව
මෙතින් ලොව මින් සනහන්ට
සිපිරි ගෙයි කුටියේ හිඳ
 
 ක්‍රිශාන්

1 comment:

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...