Thursday, December 14, 2017

නාඩන් උලලේනෝ


සරත් රෑ ඉම නොඑක් ආරෙන් දරන් ඉද්දී කදු හිස
අදත් නෑ තව ගින්න නිවුනේ වියළි තුරු පත් කොළ අග
වැළඳි ලෙඩ දුක නුහුරු ගස් බෙන වලට වැදි පැටවුන් ඇග
නහර ඇලිලා දෙඇස් ගිලිලා බලන් පණ ඉල්ලන වග
හුගක් කාලෙට සරත ආවම නොකිය ඉකිලන තුරු පත
අගක් හොයලා හතිය හින්දා ඔහේ හෙලැවෙනවා අද
මගක් ඇවිදින් නැවත හැරිලා යන්න නොහැකිව තනිවුණ
ඔහේ දුර මං බලා යනවා ඒක මෑ සසරෙහි හැඩ
මුදුන් මුල් ඇති දේව ගණයේ උසස් ගස්කුලයක හිද
රෑට අහසේ තනිය අස්සේ කොහොම හිටියද අඩ හඳ
මසැස් අස්සේ උසස් හිත්සේ පසක් වෙද්දී උකුසැස
එළිය දිස්වේ කොළග අස්සේ එහෙව් ඇස් නොනිදා ඇත
කැලේ සමහර දිනක් රෑ මැද තනිව උඩුබුරලනවද
උඹට දුක උහුලන්න උලමෝ බැරිද ඔයහැටි ඉකිබිද
අතරමං වුණ බලෙන් නැවතුණ ගණ කැලෑවක තනිවුණ
හුගක් ඇස් වල කදුළු තිබුණත් එතන මළසිරුරක් නැත
Krish

1 comment:

  1. ඉතින් ලිව්වත් ඔබේ කවි හිත කෙනෙක් නැහැ නොවැ බලා ඉන්නට
    ලොවෙත් කවි සිත සැබෑ වන්නට අපිත් ආවා ඔබේ කවි බ්ලොගියට
    හිතවත් කිවිදියක, කවියෙකුගෙ හද තුල කිසිත් තනිකම මෝදුවන්ට
    ඉඩ නොදෙයි තවත් කවියෙක් ලොව, ඉතින් මෙහේ එන්නට ගත්තෙමි

    - ජේ මා කාලී -

    http://ranwanmakara.blogspot.com/

    ReplyDelete

නාඩන් උලලේනෝ

සරත් රෑ ඉම නොඑක් ආරෙන් දරන් ඉද්දී කදු හිස අදත් නෑ තව ගින්න නිවුනේ වියළි තුරු පත් කොළ අග වැළඳි ලෙඩ දුක නුහුරු ගස් බෙන වලට වැදි පැටවුන් ඇ...