Monday, April 18, 2016

මූසලයා

රෑ වහින වැස්සට
ගෙයි උලුවස්ස ළගින්
කැඩුණු උළු කැටෙ වටෙන
වතුර බින්දු
අලුමේනියන් වළද සිපගන්න
ටක ටකස් ටක ටක සද්දෙන්
අකුණු ඉහ ළග පිපිරෙන රෑට
එළි වෙනකන්ම දෙඅත් දෙකකුල් අතර සගවන්
නිදන මූසල නින්ද
කෑළි කපන කලු අදුර
තරු කැට වහන්
අණසක කරන හැටි
හැදි සරම කඩා පෙරවූත්
හීතල නොයන තරමටම
රැය ගොරහැඩී මට විතරක්ද

-Krishan pelwatte-

7 comments:

  1. නෑ හැමෝට ම වගේ ඔහොමයි.......

    ReplyDelete
    Replies
    1. ඔවු ඔබ හරි.
      .ස්තූතියි

      Delete
    2. ඔවු ඔබ හරි.
      .ස්තූතියි

      Delete
  2. කාද මේ ආදම්බලකාලි බලන්න ආවෙ...
    එළ එළ, එන්නංකො දිගටම බලන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම.ස්‍තූතීයි ඔබට. නිහතමානීව ඔබේ පැමිණීම බලාපොරොත්තු වෙමී

      Delete
    2. බොහොම.ස්‍තූතීයි ඔබට. නිහතමානීව ඔබේ පැමිණීම බලාපොරොත්තු වෙමී

      Delete
  3. රෑ වහින වැස්සට
    ගෙයි උලුවස්ස ළගින්
    කැඩුණු උළු කැටෙ වටෙන
    වතුර බින්දු
    අලුමේනියන් වළද සිපගන්න
    ටක ටකස් ටක ටක සද්දෙන්

    ----------------------------
    මං කුඩා කාලේ මෙය අත්දැක්කෙමි.
    ----------------------------

    ReplyDelete

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...