Tuesday, August 15, 2017

මම බෝසත් නො වෙමි

අකීකරු ධෛවයක් කියලා ආයෙ එන්නේ නෑම කියලා
කදුලු දෙනෙතේ ඉහිරිලා අහස හොදටම හඩනවා
අවෛරී චේතනාවෝ පසෙකලා පසමිතුරු සංවේදනා
කුමරී හිත ද වත සංකල්පනා කවුරු හැදිනූවාද මන්දා

ඉවුරෙ දෙතැනක තනි වෙලා
වැහි බිංදු කැට ඉකි ගහනවා
වැටෙන කොපුලග සේදිලා
ගලා පහළට ගලනවා
නිතර වෙනසක් දැන දැන
කතා නොකරම ඉවසුවා
නුඹ හිනාවෙන හැඩට
මං අඩන්නේ මොකටද
ඒ වුනත් කදුළු කැටවල
බරක් ඇත මගෙ හිතට
පාරමී නුපුරමී කිසි ලෙසක
සහෝදර පෙමට කැක්කුම වැඩිය
Krishan pelwatte

No comments:

Post a Comment

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...