Tuesday, August 15, 2017

love and eye

ම ආසම නුඹව බලන්න උපැස් නැති ඇහෙන්
මං පඩි පෙළ අයිනෙ ඉද්දී ඈත පාරෙන් එන හැඩ
හිතාගන්නේ කොහොම මන්දා ඔයා ඔච්චර ලස්සන
හරියටම එක තීරුවක් දිග කෙලින් පාරේ අඩි තිය
දුර තියං රුව ඇදෙන ගතියක් දුටිමි ඇස් වලට ඉස්සර

දුර බලද්දී බොද වෙලා ගස්කොළ පවා නිල් අහස ද
පාර අයිනෙන් ඔයා එනකල් බලන් උන්නා ගැන ගැන
බොද වෙච්ච තල දෙකක් අස්සේ හිතදිහාවට එනවද
ඕන නං තව බලං ඉන්නම් ළගට එනකල් ගැන ගැන
KrisHan pelwatte

No comments:

Post a Comment

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...