Tuesday, March 1, 2016

ආදරණීය කන්ද උඩරට

ඉස්සර ඇත්තටම හවස නුවර හරි ලස්සනයි
හන්තාන කදු ගැට අතරින් එන හීනි හුළගත්
දැනෙන නොදැනෙන ගානට වැටෙන මල් වැස්සත්
හරු අමුතුයි අමුත්ත හිතට නුහුරුයි
ඇවිදින් හෙමින් වැව් බැම්මෙ වැදෙන
හෙමි හෙමින් රළ ගහන නුවර වැව
මේ හැම දේම දනී
අපි වගෙම වැව පණ ගහයි නම්
හොදින් ඒ වග කියයි
වැව වටේ බංකුවේ හිදින පෙම්වතුන් ගැන
ඒ අහින් රෑ වෙලා ඇවිදින අම්බපාලී ගැන
හොරෙන් උන් පස්සේම යන පිරිමින් ගැන
තවත් හොරකම් කරන යන එන හොරු ගැන
තවත් විස්තර කියයි
අනේ ඒ විතරක් නෙවෙයි
මාළිගාවේ බෙර හඩින් රැව්දෙන බුදු බස
ඒ අසන්නට අවිත් යන දෙවිවරු ගැන
උඩ මළුවෙ මල් පහන් පුද දෙන අය ගැන
මටත් වැඩියෙන් කියයි
පණ ගැහෙන නුවර වැව
ඒත් අද ඉස්සර වගේ නම් නෙවෙයි

8 comments:

  1. වැව විතරක් නෙමෙයි නුවර ගොඩක් වෙනස් වෙලා..... සංකීර්ණ වෙලා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ හරි..හුගක් වෙනස් වෙලා හැමදේම.. භෞතික චින්තනමය හැමදේම

      Delete
  2. මිනිස්සු බස් වල ඉදං මාලිගාව පැත්තට වදීනවා මම දැකල තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක සම්ප්‍රදායක් වගේම හොද පුරුද්දක්. හැබැයි ඒ වැදීම හෘදයාංගම නම් තමයි සුභ දෙයක් වෙන්නෙ

      Delete
  3. මහනුවර.. මට ප්‍රියම නුවර..))

    ReplyDelete
    Replies
    1. මගෙත්... හරි ලස්සන වගෙම හරි ආත්මීයයි නුවර

      Delete

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...