හරි ආදරෙන් නුබට හිතලූ යමක් ලියමි.



                                           ආදරය කරපින්නාගෙන හීන් හිත අතර සක්මන් කරමි. මදී වූ හිත ඇතුලේ නිදන්ගත මහමෙරක් තරම් ආදරේ හිත අස්සේ හිරකරන් මග හමුවන වුන්ගෙන් බොහොමයක් පරිස්සම් කරගෙන ඈට ආත්මයක ආල කතාවක් ලියන්නට නිම ඉම පෙන්නන්නට බලා හිදිමි. පුරා  වූ කප්සියක් කල් මිනිස් චිත්ත සන්තානයේ නිදන්ගත වූ හැගීම් ගොන්නක් ඈ ඉදිරියේ පුද , පුජා  කර නමස්කාර කරන්නට තව වැඩි කලක් නොවන වග දැනගෙන හිදිමි. එතෙක් හිතෙහි වුන් සියලු බලාපොරොත්තු ඉවසාන පාරමිතා සකස්කරගෙන උත්තම සුවය විදින්නට මග බලමි. සියලු සංස්කාරයන් අනියත බව දැනදැනත් එහි කෙළවරක් රැදෙනතෙක්  පෙනෙන මානයක සේයාව බලා හිනැහෙමි. කිසිදු ප්‍රේම නිද්‍රාවක නො ඇලී සිටිමි. එහිලා ආලය නිර්වචනය කිරීමෙදී කිසිත් ස්ව අනුභූතියක් යොදා නො ගනිමි. නමුත් ආදරයේ නිර්වචනයක් සොයාගතයුතුව ඇත. ඒ වනාහි ජිවිතකාලයට ම වලංගු වූ සදාකාලික නිර්වචනයක් විය යුතු ය. නිතැතින් ම හෘද ගෝචර වූ ආලයේ  සිමා මායිම් අතික්‍රමණය කරන්නට අමාරුවක්,ආශාවක්,ඇම්මක්,කැසිල්ලක් හිතේ ඇත.ආලය යනු හුදු දේව වාක්‍යයක් නොවන බව නිත්යාර්තයෙන් ම පවසමි. අනුන්ගේ ආල විධික්‍රමයන්ට අනුව හසිරීම හුදු විහිළුවක් ලෙස සලකමි.නමුත් බොහොමයක් ආලකතා කේන්ද්‍රගත වන්නේ අන් ප්‍රේම කතාවකට වහල් ව ය. එදිනෙදා  දකින පුද්ගල චරිතයන්ගේ මනෝභාව අධ්‍යනය කිරිමෙදී සියුම්ව උක්ත කරුණ ඉස්මතු වී ඇති බව පෙනේ. අතකින් ඒ ඔවුන්ගේ වරදක් නොවන වග ද ඒ වූ කලී සමාජ සිතුවිලි ධාරාවක ප්‍රතිපලයක් බව ද කිව යුතු ය. සමාජ සිතුවිලි අනුව පුද්ගල හැසිරීම් වෙනස් වන බව තේරුම් නො රහසකි . මන්ද සමාජ ජීවියෙක් ලෙස මිනිසා ගන්නා බොහෝ තීරණ වලට සමාජ සිතුවිලි බලපායි. නමුත් මම උක්ත අවර විධික්‍රමය අනුගමනය නො කරමි. නමුත් බහුතරය එසේ නො වේ.මට ස්වධීන ආල කතාවක එක ම හිමිකරුවා වීමට ආශාවක් තිබේ. ඒ උත්තම සිතුවිල්ල සාක්ෂාත් කරගැනීමට පාරමී පුරමි.  
                                                  හිරිපොද වැටෙන උදෑසන මිහිදුම් සළු ඉරාගෙන හිරු අහස අණසකට නතු කරගන්නා වූ තෙද බලය අන් කවරෙකුටවත් අභියෝගයකින්,සටනකින් අත්පත් කරගැනීමට නො හැක්කා සේ අහස වූ ඇගේ හිත පුරාවට අනසක පතුරුවන හිරු වීමට මග බලා හිදිමි.හිත පුරා නො වෙනස්ව පවතින හැගීම් මාත්‍රයකින් මුළු හිතම කුල්මත් කරනට තව නොබෝකල් නොසිටිය යුතු බව හිත ඉගි කරයි.
                                             මේ නිද්‍රාව මා සදාතනික සුවපත් භාවයකට පත් කරවී ය යන කුතුහලය මුසු බලාපොරොත්තුව නිතැතින් ම සගවාගෙන හීන  ගණිමි. සැබවින් ම මේ හීනයේ එක ම හිමිකරුවා ද පරාජිතයා ද නො දනිමි. නමුත් පරාජය හුරු නිසා එයට දණ්ඩ නමස්කාර කර පරාජය භාරගැනීමට තරම් හිස් හිතැත්තෙක් නොවෙමි .එයින් ගම්‍ය වන්නේ මට පරාජය භරගැනීමට තරම් ශක්තියක් නැත යන්න නොවේ .  පරාජය ඉදිරියේ ජය ලැබිය යුත්තේ මම යැයි නො කියමි. නමුත් මම පරාජය ප්‍රශ්න කරමි. ඊට සාධාරණ අයිතියක් මට ඇත. ඒ නිසා සියල්ලක අවසානය සුක අන්තයක් වේ යැයි හිත යටින් බලාපොරොත්තු වෙමි.
                                     ආඩම්බරකාරී  ආදරෙන් බලන් දුර ඈතකට ව . ආදරය හිරකරන්

Comments

Post a Comment

Popular posts from this blog