Tuesday, August 15, 2017

අහිමි වීම

වෙනදා වගෙම පෙර ලෙස
මා, බලා යන්නට එනවද
හුගක් දේවල් හිරකර
අපි හිනාවෙමු ඒත් එක්කම
සබද මට නුබ දුන්න හීනය
දරාගන්නත් අමාරුයි මට
නිමාවක් දැක දැකම හිත්වල
කොහොම ආලෙන් උන්නාද මන්දා නුඹ
අවාසනාවන්‍ත කල් බලන
අවාසනාවන්‍තියය මම
නුඹේ අවසන් හිනහව
බලා සමුගන්න මොහොතකට ඉස්සර
ඊයේ මහ කලබලෙන් ඇවිදින්
පාන්දර මහ හුළග මගෙ ළග
හුගක් දේවල් ඇවිත් කිව්වා
දෑස් ළග දෙව්ලොවක් මැව්වා
මමත් අකමැත්තටම රැව්වා
නුඹට පිටුපායන්නෙ නෑ කිව්වා
ඒ තරහ හින්දා ද මන්දා
ගිහින් පැය දෙක තුනට පස්සේ
තදින් හුළගක් කඩන් ආවා
ඒ සැරට මං රේල් පාරේ
ඇදන් වැටුණා
අපි ගැන්න දින හීන වෙනුවෙන්
කැඩී විසිරී රේල් පාරේ
හීන බින්දා
මම දෙයක් කියල එව්වා
මෙහෙන් ගිය බඹරෙක් ලව්වා
කලින් ඇවිදින් යන්න අදවත්
ආදරය මහ හිනා සදකැන්
සියල්ලම නුඹ නිසා හංගන්
යන්න මොහොතක් කලින්
අනේ අද කෝච්චිය එන්නේ නැත්‍තන්

Krishan pelwatte

No comments:

Post a Comment

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...