Tuesday, August 15, 2017

සොහොන් කොතෙහී ලියූ කවිය...


නුඹට හංගා හිතේ තිබ්බට මගේ හිතටත් මහ බරක්
ඒක හින්ද ම නුඹ නිදද්දිත් සොහොනෙ ලිව්වේ කවි දෙකක්
නොදැන දින කල් ගෙවිල හිතට දැනුනට අමුත්තක්
නුඹට නොකියම යන්න හිතුවට මං කළේ ලොකු වරද්දක්

පන්හිදේ තීන්තෙන් තද කරන් මහමෙරක්
හල් කරේ අකුරක්ම ඒ තරම් වඳ හිතක්
ළං කළේ පෙර මතක රැදි හිතක පුරුද්දක්
නුඹට පෙම් කළ මතක නුඹ නොදත් රහසක්
මියෙද්දිත් කියන්නට හිතව්වත් කොදුරා
ඒ තරං හිත හයිය නෑ කදුළු උහුලා
ගෙවද්දිත් නුඹ ලෙඩින් වරද්දක් කරලා
කොහොම ගන්නද මතක එකින් එක උදුරා
Krishan pelwatte

No comments:

Post a Comment

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...