Tuesday, August 15, 2017

කඩුපුල් බුදු පුදට

රෑ බුදු පුදට පිපි කඩුපුල් දෙවගනකී
දුක් බැන්ද හාද්දක් මද හුළගේ පා කළ
රතු වෙච්ච සුදු මලක් මග බලයි නිතරම
බක් වෙසක් පහු වෙලත් ඉල් සදට ඉස්සර
රහ සේම ඇහැරිලා නිදන කඩුපුල් මල

සේපාළිකා පිපී සරසලා නැති වුණත්
තරු උඩුවියන් බැන්ද කලුවරට හුරුවුණත්
ඔහේ අකුලක කොණක හොර රහසෙ ගෙවූවත්
නුඹ හොරෙන් ඇහැරුණම ගම් හතක සිරියක්
ඒ තරම් සුවදක්......
Krishan pelwatte

No comments:

Post a Comment

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...