Tuesday, August 15, 2017

හොදම දේ නොදොඩාම ඉන්න


අපි හිතන්නේ නැතිම විදියට
වෙනස් වෙද්දී ජීවිතේ
නවත්තන්නට බැරිම තැනදී
ගග ගලන්නෙත් හිතුමතේ
හිනස්සන්නට කිතිකවද්දිත්
රවන්නේ තරහට හිතේ
ඔහොම තරහින් බලන් උන්නම
හැඩයි වෙනදාටත් නගේ
කදුළු බොළදී ඔහොම හැඩුවම
ඇහිපියන් කදුළෙන් දරා
වැටී දෙකොපුල් අතර රූරා
කදුළු කැට විහිරී ගියා
ඒ තරං නං දුකක් නෑ තව
දරන් උන් බැමි පිපිරිලා
මගේ කදුළුත් කඩන් හැළුණා
ඇත්තමයි ඇඩුවම ඔයා

Krishan pelwatte

No comments:

Post a Comment

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...