Friday, March 4, 2016

සරසවි ආදරේ

උදැහැනින් නුවර ඉස්ටේසමෙන් එන
පොඩිමැණිකේ කෝච්චිය
හන්තාන කදුගැට්ටෙන් මෙහා ඉවුරේ
පේරාදෙණි සරසවිය පේන ඉසව්වේ
නැවතිලා
නුඹව ඇරගෙන බදුලු යන්නට සැරසිලා
පෙම් විරහ ගී ඔහේ නැවතීලා
අරන් මලු දෙකතුනක් බඩු බහලා
අපේ මතකය සරසවියෙ හංගලා
යන්න යනවද මටත් නොකියම
හීන තනි කරලා
උඹට මතකද ගුරු පාර
ගස් යටින් හවසට අපි ඇවිද්ද
කකුල් රිදුනත් තවත් මදි
පෙම් වින්ද හසරැල් අඩු නැතුව
හෙමින් කෙදිරූ ආල කවි
හිත දවනවා අද මුලු හිතම
රිදෙනවා ඇස් ඉස් මස් ඇතුලු
ආත්මය
මං මෙහා කෙලවරේ හිද ඔයා යනකල්
හොරෙන් ඉකිබින්දා අද
සරසවි උයන ඉස්ටේසම ළග

7 comments:

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...