උදැහැනින් නුවර ඉස්ටේසමෙන් එන
පොඩිමැණිකේ කෝච්චිය
හන්තාන කදුගැට්ටෙන් මෙහා ඉවුරේ
පේරාදෙණි සරසවිය පේන ඉසව්වේ
නැවතිලා
නුඹව ඇරගෙන බදුලු යන්නට සැරසිලා
පෙම් විරහ ගී ඔහේ නැවතීලා
අරන් මලු දෙකතුනක් බඩු බහලා
අපේ මතකය සරසවියෙ හංගලා
යන්න යනවද මටත් නොකියම
හීන තනි කරලා
උඹට මතකද ගුරු පාර
ගස් යටින් හවසට අපි ඇවිද්ද
කකුල් රිදුනත් තවත් මදි
පෙම් වින්ද හසරැල් අඩු නැතුව
හෙමින් කෙදිරූ ආල කවි
හිත දවනවා අද මුලු හිතම
රිදෙනවා ඇස් ඉස් මස් ඇතුලු
ආත්මය
මං මෙහා කෙලවරේ හිද ඔයා යනකල්
හොරෙන් ඉකිබින්දා අද
සරසවි උයන ඉස්ටේසම ළග
Friday, March 4, 2016
Subscribe to:
Post Comments (Atom)
මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...
-
ජීවිතේ කියන්නේ ඒ වෙනසට... කලුවර වසාගෙන අහසට ම විතරක් හැම වීදියක් වීදියක් ගානෙම දවාලටවත් නැති එළියක් දවල් තිස්සේ ඉදන් වෙහෙසට බෙලිමල් ටික...
-
ai?? wenada nathi paaluwak danune dukkak hitha yata hitha thalanne matath mage hitha hadagannata ba nubath nihadai mata kiyanneth na ka...
-
ඉස්සර ඇත්තටම හවස නුවර හරි ලස්සනයි හන්තාන කදු ගැට අතරින් එන හීනි හුළගත් දැනෙන නොදැනෙන ගානට වැටෙන මල් වැස්සත් හරු අමුතුයි අමුත්ත හිතට නුහුරු...
මේ අත්දැකීම හරිම අමාරු දෙයක් තමා..... ඒත් ආයෙම එන දවස..........
ReplyDeleteyes... :-)
Deleteහන්තාන..!!
ReplyDeletehmmmmmmm hanthana
Delete:-)
ReplyDeletenice one krish
ReplyDeleteසතූතියි විශ්
ReplyDelete